විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පවසා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සිට සජබ වෙත පැමිණි මන්ත්‍රීවරුන් අතර සමගි ජන බලවේගයේ සමගියට බාධා කරන හැදියාවක් නැති නොසන්ඩාල කඩාකප්පල්කාරීන් පිරිසක් සිටිනා බවයි.
එම කණ්ඩායම පක්ෂය තුල සාමූහිකව වැඩ නොකරන බවත් මේ වනතුරු එම පොහොට්ටුවෙන් ආ මන්ත්‍රීවරුන්ට මැතිවරණයේදී නාමයෝජනා ලබා දෙන බවට පොරොන්දුවක් ලබාදී නැති බවත් සමගි ජන බලවේගයේ සමගියට බාධා කරන කිසිවෙකුටත් පක්ෂයේ ඉඩක් නැති බවත් කිරිඇල්ල මහතා අවධාරණය කළේය.
පොහොට්ටුවේ සිට සමගි ජන බලවේගයට සම්බන්ධවී සිටින මහනුවර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයකුද පසුගිය දිනකදී කිසිවෙකුටත් අදහාගත නොහැකි කටයුත්තක් කර ඇති බව ප්‍රධාන සංවිධායක පැහැදිලි කළේය.
ඔහු කියා සිටියේ, “ජවය” නමැති සමගි ජන බලවේගයේ අනුබද්ධ සංවිධානය මේ මාසයේ 18 වැනිදා වැඩසටහනක් සංවිධාන කර තිබූ බවත් එම රැස්වීමට ලියුම් යැව්වේ සුජීව සේනසිංහ හිටපු මන්ත්‍රීවරයා බවත් දිස්ත්‍රික් නායකයා වශයෙන් තමා හෝ ඒ සම්බන්ධයෙන් ලිපි නොයවූ නමුත් මේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයා ව්‍යාජ ශීර්ෂ සකසා “ජවය” වැඩසටහනට සහභාගි වන ලෙසට දිස්ත්‍රික්කයේ ප්‍රබලයන්ට පවා ලිපි යවා ඇති බවත් ය.
එලෙස ව්‍යාජ ආකාරයට ලිපි සකස් කිරීම දණ්ඩ නීති සංග්‍රහය අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බව පෙන්වා දෙමින් කිරි ඇල්ල මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ එවැනි පුද්ගලයන් සමඟ ඉදිරියේ කටයුතු කරන්නේ කෙසේද යන වගයි.
