gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැතිවරණ කොමසාරිස් ඉලක්ක කොට ද්වේෂ සහගත ප්‍රකාශ!

ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

මැතිවරණ කොමසාරිස් ජනරාල් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඉලක්ක කොට නිකුත් කරන ද්වේෂ සහගත ප්‍රකාශ පිළිබඳව

ජනාධිපති උපදේශක මහාචාර්ය ආංශු මාරසිංහ එක්සත් ජාතික පක්ෂයේ මධ්‍ය සාකච්ඡාවකදී මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඉලක්කකර ‘’ මොලේ පරීක්ෂා කරගන්න’’ ‘’ වෙනත් දේශපාලන පක්ෂවලට සහය වන ලෙස කටයුතු කරනවා’’ වැනි අභූත චෝදනා එල්ල කරන ලද්දේ උපදේශකවරයාගේ අවශ්‍යතාවයටද? එසේ නොමැති නම් අමුවේ මැතිවරණ නීති උල්ලංඝනය කරන ජනාධිපතිවරයාගේ වුවමනාවටදැයි අපි ප්‍රශ්න කර සිටිමූ.

“කොහේ තිබෙන පළාත් පාලන මැතිවරණයක් ද” යනුවෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කරන උපදේශකවරයා නෛතිකව තවමත් පළාත් පාලන මැතිවරණය වලංගුව පවතින බවත්, ඒ අනුව පළාත් පාලන මැතිවරණ නීතිය ක්‍රියාත්මක වන බවත් ප්‍රජා උපදේශක කමිටු හරහා පළාත් පාලන බල ප්‍රදේශයකට රුපියල් මිලියන දහයක මුදලක් වෙන් කිරීම සහ එම මුදල් ජූලි මාසයට පෙර වියදම් කිරීම සදාචාරාත්මක නොවන බවට මැතිවරණ කොමිසම සහ නිරීක්ෂකයන් විසින් පළ කරන ලද මතවලට ජනාධිපති උපදේශකවරයා සහ ඔහුගේ ප්‍රධානීන් උරණ වී ඇති බව මේ අනුව පෙනේ.

වර්තමානයේ පළාත් පාලන මැතිවරණ නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් යටතේ සහ ජනාධිපතිවරණයට පෙර සහල් බෙදා දීම, පළාත් පාලන ආයතනවල ප්‍රජා කමිටු පිහිටවීම ඇතුළු සියලු සංවර්ධන කටයුතු හිටපු පළාත් පාලන සභිකයන් හරහා සිදුකිරීම,උරුමය ඔප්පු බෙදා දීම, කඳුකර දශකය වැනි වැඩසටහන් සියල්ල දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වන බව පෙනේ. දේශපාලනයේ සම බිමක් නොමැති කරන මෙවැනි ක්‍රියාදාම වලට එරෙහිව මත ප්‍රකාශ කිරීම උපදේශකවරයා උරණ වීමට හේතු වූ බව පෙනී යයි.


ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය මෙම උපදේශකවරයාගේ අත්තනෝමතික මත ප්‍රකාශ කිරීම පිළිකුලෙන් යුතුව හෙලා දකින අතර මෙවැනි උපදේශකයන් පාලනය කිරීම ඔහුගේ පාලකයන්ගේ වගකීමක් වන බවද අප වගකීමෙන් ප්‍රකාශ කර සිටිමු.


නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර
විධායක අධ්‍යක්ෂ
ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka