කුලියාපිටියේ අතුරුදන් තරුණයා ගැන ප‍්‍රබල දේශපාලඥයෙකුගෙන් ප‍්‍රශ්ණ කරයි
කුලියාපිටිය ප්‍රදේශයේ පෙම්වතියගේ නිවසකට ගිය තරුණයකු පැහැරගෙන ගොස් අතුරුදහන් කළ බවට කියන සිද්ධියට අදාළව වයඹ පළාත් හිටපු ප්‍රධාන ඇමති අතුල විජේසිංහ මහතාගෙන් පොලිසිය විසින් ප්‍රශ්න කර තිබේ.
අදාළ තරුණයා පැහැරගෙන යාමට පෙර දින සිද්ධියේ ප්‍රධාන සැකකරුවා හිටපු මහ ඇමැතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවට පරීක්ෂණවලදී හෙළි වීමත් සමඟ මෙම කරුණු සම්බන්ධයෙන් පොලිසිය විසින් ප්‍රශ්න කර තිබේ.
එහිදී අතුල විජේසිංහ මහතා සඳහන් කර ඇත්තේ අදාළ සැකකරු ඔහුගේ දුවගේ ගැටළුවක් සම්බන්ධයෙන් තමන්ගේ නීති උපදෙස් පැතූ බවත් පොලිසියට පැමිණිලි කර සිද්ධිය විසඳන්න ගන්නා ලෙස තමන් ඔහුට එහිදී දැනුම් දුන් බවත්ය.
කුලියාපිටියේ අතුරුදන් තරුණයා ගැන ප‍්‍රබල දේශපාලඥයෙකුගෙන් ප‍්‍රශ්ණ කරයි
2024-05-04T12:20:00+05:30
Gossip Lanka Hot News





