gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අධිකරණයට අපහාස කළැයි ජනක රත්නායකට සිතාසි – කාන්තාවකට නින්දා සහගත පණිවිඩ යවලාලු

අධිකරණය විසින් නිකුත්කර ඇති වාරණ නියෝගය නොතකමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකට සිතාසි නිකුත් කර තිබේ.

කොළඹ ප්‍රධාන දිසා අධිකරණය නියෝග කර ඇත්තේ එළැඹෙන විසිහත් වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

ජනක රත්නායකගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ගයාත‍්‍රි බිම්බා නම් කාන්තාවක විසින් ගොනුකර තිබූ පෙත්සමක් කැඳවූ අවස්ථාවේ දී කරුණු සළකා බලමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

ගයත්‍රී බිම්බා විසින් ජනක රත්නායකට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම, කාන්තා හා ළමා කාර්යංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතනවලද පැමිණිලි ගොනුකර ඇති බව වාර්තා වේ.

ලිංගික දර්ශන යොමුකරමින් තමන්ට හිරිහැර සිදුකරන බව සඳහන් කරමින් අධිකරණය හමුවේ ඇය නඩුවක් ද ගොනුකර තිබේ.

එම නඩුවට අදාළව ජනක රත්නායකට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත්කර ඇති අතර ඔහු විසින් උල්ලංඝනය කර ඇති බව පැවසන්නේ ඊට අදාළ වාරණ නියෝගයයි.

ඔහු විසින් විසින් වාරණ නියෝගය නොතකමින් විද්‍යුත් තැපෑල ඔස්සේ තම සේවාදායකාව වෙත නින්දා සහගත අපහාසාත්මක පණිවිඩ යවා ඇතැයි ද පැමිණිල්ලේ නීතිඥයන් අධිකරණයට කරුණු දක්වා තිබේ.

ජනක රත්නායකගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කර ඇති පෙත්සම්කාර ගයත්‍රී බිම්බා ජනක රත්නායක විසින් මහජන මුදල් අවභාවිත කිරීම, අල්ලස් නිලධාරීන්ට අල්ලස් ලබාදෙමින් අපරාධ වසන් කිරීම, පෞද්ගලික තොරතුරු සහ ලිංගික දර්ශන යොදාගනිමින් තමන් අපහසුතාවට පත්කිරීම සහ මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධුරය දරන සමයේ මූල්‍ය වංචා සිදුකරන ලද බවට චෝදනා එල්ල කරමින් අන්තර්ජාල නාලිකාවක් සමග වැඩසටහනක්ද ඉදිරිපත් කර තිබිණි.

මාර්ගත ආරක්‍ෂාව පිළිබඳ පනත සම්මත වීමෙන් පසු එම පනත ප්‍රකාරව ප්‍රථම නඩුව ජනක රත්නායක විසින් ගොනුකරනු ලැබුවේ ද අදාළ සිදුවීම පාදක කරගනිමිනි.

මීළඟ ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බවත් නියත වශයෙන්ම ඉන් ජය ගන්නා බවත් ජනක රත්නායක පවසන අතර ඔහු ඒ සඳහා වන දේශපාලන සංවිධානයක්ද පිහිටුවා තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka