රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දැරූ 2015 ආරම්භයේදී ම සිදු කරන ලද මහ බැංකු බැඳුම්කර කොල්ලයේ ප්‍රධාන ම චූදිතයා වූ අර්ජුන් මහේන්ද්‍රන් ආරක්ෂා කිරීම සඳහා සජිත් පිලේ ප්‍රබලයෙකු මෙහෙයුමක් දියත් කරන ලද ආකාරය හෙළි වී තිබේ.
සජිත් පිලේ එම ප්‍රබලයා නීතිඥ සුජීව සේනසිංහ ය. ඔහු “මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව, ඇත්ත නැත්ත“ යනුවෙන් 2015 වර්ෂයේදී මුද්‍රණය කරමින් බෙදාහරින ලද පොතකින් එම සාක්ෂි මතු වී තිබේ. එම පොතේ 33 වෙනි පිටුවේ අර්ජුන් මහේන්ද්‍රන් නිදොස් කරමින් තබා තිබෙන ඡේදය උපුටා ගෙන පහතින් දැක්වේ.
“වර්තමාන මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරයට පත් වන්නේ 2015 ජනවාරි මාසයේදී ය. ඔහු එතැන් සිට කාර්යාල පුටුවට වී නොසිට මහ බැංකුව පුරා යමින් නව ක්‍රමවේද සහ විනිවිදභාවයෙන් යුතු පාලනයක් ගෙන යාමට ගත් උත්සාහයට මම ප්‍රසංසා කරමි. නමුත් එසේ අධීක්ෂණයක් නිවැරදි ලෙස සිදුවන විට වැඩ පැහැර හරින අයට එය එතරම් සතුටුදායක නැත.“ යනුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් නිදොස් කොට මහ බැංකුවේ සේවකයන් වැරදිකරුවන් බවට පත් කර තිබේ.
- lankatruth
