gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලයිස්තුව සම්පූර්ණයි.. ආණ්ඩුවෙන් ආ අයට නුවරින් නාමයෝජනා නෑ.. කිරිඇල්ල, වසන්ත යාපා හා ගැටේ!

ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එකතු වූ කිසිවකුට හෝ සමඟි ජන සන්ධානය යටතේ නාම යෝජනා දෙන බවට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ  මහනුවර පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.


“සමඟි ජන බලවේගයේ  මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කරන නම් 15 මේ වන විටත් සූදානම්. ආසන සංවිධායකවරුන් 13 දෙනා හැරුණු විට රවුෆ් හකීම්ගේ සහ වේලු කුමාර්ගේ නම ඇතුළත් කළ පසු අපේක්ෂක ලැයිස්තුව සම්පූර්ණ වෙනවා.

ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එකතු වූ මන්ත්‍රීවරුන් අතර හොඳ අය වගේම සමඟි ජන බලවේගයේ සමඟියට බාධා කරන, කණ්ඩායම් හැඟීමෙන් තොරව කටයුතු කරන පිරිසක් සිටිනවා.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විපක්ෂයට එකතු වුණේ ඔවුන්ගේ කැමැත්තෙන් මිස සමඟි ජන බලවේගයේ ආරාධනාවකට අනුව නෙවෙයි. ඒ අයට නාම යෝජනා දීමේදී හැසිරීම, විනය, කණ්ඩායම් හැඟීම ආදී කරුණු රැසක් නායකත්වය විසින් සලකා බලනවා.

මහනුවර දිස්ත්‍රික්කයේ සමඟි ජන බලවේගයේ අපේක්ෂක ලැයිස්තුව මේ වන විට සම්පූර්ණව තිබෙන නිසා සමඟි ජන සන්ධානයට අලුතින් එක් වූ කිසිවකුටත් මහනුවරින් නාම යෝජනා දීමේ හැකියාවක් නෑ.”

සමඟි ජන සන්ධානය ලෙස පක්ෂ නායක සහ මහ ලේකම් සමඟ අත්සන් කළ අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ දිස්ත්‍රික් නායකයන් කරුණු නොදැන කියන කතා ගණන් ගත යුතු නැති බවත්, තමන් නියත ලෙස ඉදිරි මහ මැතිවරණයේදී සමඟි ජන සන්ධානය යටතේ  මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතා පවසයි.


මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ මහනුවර, කිරිබත්කුඹුරේ පැවති මාධ්‍ය හමුවකදීය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“අදාළ තොරතුරු දිස්ත්‍රික් මට්ටමින් කටයුතු කරන නායකයන්ට ලැබී නොතිබෙන්නට ඉඩ තිබෙනවා. ඇතැම් විට වයෝවෘද්ධතාව නිසා ඔවුන්ට අමතක වීම් සිදුවන්නට ද ඉඩ තිබෙනවා. පක්ෂ අභ්‍යන්තරයේ කතා කළ යුතු කරුණු මහ පාරේ කතා කරන්නට තරම් පරිණත යැයි කියන දේශපාලනඥයන් පහත් තත්ත්වයට වැටෙද්දී ඔවුන්ගේ පරිණත බව පිළිබඳව ප්‍රශ්න මතු වෙනවා. වීදුරු ගෙවල්වල සිට ගල් ප්‍රහාර එල්ල කරන උදවිය තමන්ට ද පෙරළා ගල් ප්‍රහාර එල්ල විය හැකි බව අවබෝධ කරගැනීම වැදගත්.”


අසේල කුරුළුවංශ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka