ඉරානයේ ජනාධිපති ලෙස කටයුතු කළ ඊබ්‍රාහිම් රයිසි එරට කඳුකර ප්‍රදේශයක ඊයේ (19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් මියගොස් ඇති බව අද (20) තහවුරු විය.
එරට ව්‍යවස්ථාව අනුව අන්තර්වාර ජනපතිවරයෙක් පත්කෙරෙයි. එම තනතුරට පත්කෙරෙන්නේ එරට මේ වනවිට “පළමු නියෝජ්‍ය ජනාධිපති” ලෙස කටයුතු කරන පුද්ගලයා ය.
එම තනතුර මේ වනවිට දරනු ලබන්නේ 68 හැවිරිදි මොහම්මඩ් මොක්බර් ය. ඒ අනුව එරට අන්තර්වාර ජනාධිපති ලෙස මොක්බර් පත්වෙතැයි ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.
ඔහුද අයත් වන ත්‍රි-පුද්ගල කවුන්සිලයක් මඟින් දින 50ක් තුළ නව ජනාධිපතිවරණයක් පැවැත්වීමට සැලසුම් කළ යුතුය. එම කවුන්සිලයේ අනෙක් සාමාජිකයින් දෙදෙනා වන්නේ පාර්ලිමේන්තුවේ කථානායක සහ අධිකරණයේ ප්‍රධානියා ය.
