gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නාමල් ළඟ රනිල්ගේ ඔත්තුකරුවෙක්! බැනපු කතා ඔක්කොම රනිල්ගේ කනේ තියලා!

ජනාධිපතිවරණ ඡන්ද සටනට ඉදිරිපත්ව සිටින අලුත්ම අපේක්ෂකයා වන විජයදාස රාජපක්ෂ මහතාද මේ දිනවල පුවත් මවන්නකුගේ චරිතයට පිවිස තිබේ. පසුගිය සතියේ ශ්‍රීලනිප සභාපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසු දුමින්ද දිසානායක විසින් එම පත්වීමට එරෙහිව වාරණ නියෝගයක් ඉල්ලා දිසා අධිකරණය හමුවට ගියද එම වාරණ නියෝගය ලබාදීම දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. කෙසේ වෙතත් පසුගිය සතියේ විජයදාසගේ දෙවැනි පුතාගේ මංගල්‍යය කොළඹ සුපිරි හෝටලයක පැවැති අතර, ඊට ජනාධිපතිවරුන් හතර දෙනකු එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. ඒ, මහින්දත්, මෛත්‍රීපාලත්, ගෝඨාභයත්, රනිලුත්ය. ඔවුන් සියලු දෙනාම එකම මේසයක අසුන්ගැන්වීමටද විජයදාස කටයුතු කොට තිබිණි.

ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකුගේ දියණියකගේ අත ගත් විජයදාසගේ පුතාගේ මංගල්‍යයේදී තවත් අපූරු සිදුවීමක්ද සිදුවිය. ඒ, නාමල් රාජපක්ෂ මුල් කරගෙනය. නාමල් සිටියේ රනිල්, මහින්ද, මෛත්‍රී, ගෝඨා සිටි මේසයට තරමක් ඈතින් වන්නට තිබූ මේසයකය. මෙහිදී බොහෝ දෙනා නාමල් ළඟට පැමිණ ඔහුත් සමග වත්මන් දේශපාලනය ගැන කතාකරද්දී නාමල් ඉතා දැඩිව ජනාධිපතිවරයා විවේචනය කරමින් අදහස් දැක්වූ ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන්ම ජනාධිපතිවරයා ලෙස පත්කිරීමෙන් පසු පොහොට්ටුවට සිදුකළ අසාධාරණයන් සහ කෙනෙහිලිකම් පිළිබඳ නාමල් මෙහිදී ජනාධිපතිවරයා දෙසට අත දිගුකරමින් දොස් පැවරූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.

රනිල් නාමල්ට කියපු දේ

කෙසේ වෙතත් නාමල් සමග කතා කළ පිරිසේ සිටි අයෙක් මොහොතක් යෑමට මත්තෙන් මේ බව ජනාධිපතිවරයාගේ කනේ තැබීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව ඊට පසු දිනම ජනාධිපතිවරයා නාමල්ට දුරකතන ඇමතුමක් ලබාදෙමින් පළමුව ආගිය තොරතුරු විමසා ඒ පිළිබඳ විමසා සිටීමටද පියවර ගත්තේය.

‘මොකද මේ ඔයා මට හැම තැනදිම බණිනවා කියන්නේ?’ යනුවෙන් සිනාසෙමින් ජනාධිපතිවරයා විමසද්දී නාමල්ද පුදුමයට පත්ව සිනාසෙමින්ම ඊට පිළිතුරු ලබාදීමට පියවර ගත්තේය. එහිදී නාමල් ජනාධිපතිවරයාට කියා සිටියේ පළමුව මහ මැතිවරණයකට යෑම සියල්ලන්ටම වාසිසහගත වනු ඇතැයි කියාය. ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට නොහැකි බවත්, එසේ වුවහොත් පොහොට්ටුවට විශාල ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් මෙහිදී නාමල් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති බවක් ආරංචිය.

කෙසේනමුත් මේ ඇමතුම ගැන දන්නා බොහෝ දෙනෙක් කියා සිටින්නේ ජනාධිපතිවරයා නාමල්ට මෙසේ කතාකොට තිබුණේ දේශපාලනය ගැන කතාකරන්නට හෝ ආගිය තොරතුරු ගැන කතාකරන්නට නොව නාමල් තැන් තැන්වලදී තමන්ට බණිනා බව නාමල්ට ඇඟවීම සඳහා යැයි කියාය. එමෙන්ම නාමල් කතාබහ කරන පිරිස් සමග තමන්ටද සම්බන්ධකම් ඇති බව පෙන්වීමට බවත්, නාමල් කියන දේ ගැන අවට සිටින ඔහුගේම හිතවතුන් තමන්ටද දැනුම් දෙන බවත් නාමල්ට ඒත්තු ගන්වන්නට යැයි කියාය.

රාජ්‍ය රහස්
-mawratanews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka