gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දොස්තර ෂාෆි අම්මලා වඳ කරනවා කියලා මම කිව්වෙ නෑ – විමල් දැන් කියයි (VIDEO)

කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් කාන්තාවන් බලහත්කාරයෙන් වන්ධ්‍යාකරණය කළ බවට තමන් චෝදනා නොකළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරවංශ ප්‍රකාශ කළේ, තමන් මහජන නියෝජිතයෙකු ලෙස මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් පරීක්ෂණයක් පවත්වන ලෙස පමණක් ඉල්ලා සිටි බවයි.

“අපි කවදාවත් වෛද්‍ය ෂාෆිට විරුද්ධව චෝදනා නැඟුවේ නැහැ. එදා රෝහල් අධ්‍යක්ෂවරයා සහ රෝහලේ ප්‍රතිකාර ලබන ඇතැම් මව්වරුන් තමයි චෝදනා එල්ල කළේ. මව්වරුන් රෝහල් අධ්‍යක්ෂවරයාට පැමිණිලි කරලා, පසුව ඇය නිල පැමිණිල්ලක් ඉදිරිපත් කළා. රෝහල් අධ්‍යක්ෂවරයාගේ පැමිණිල්ල මත වෛද්‍ය ෂාෆි අත්අඩංගුවට ගත්තා” මන්ත්‍රීවරයා පවසයි.

මහජන නියෝජිතයන් ලෙස තමන් ඇතුළු කණ්ඩායම එම චෝදනාවේ සත්‍ය අසත්‍ය සොයාබැලීම සඳහා රෝහලට පැමිණි බව හෙළිකළ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරවංශ “අපි මේ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් සහ අදාළ මව්වරුන්ගෙන් විමසීමක් කළා” යැයිද පැවසීය.

ජාතික නිදහස් පෙරමුණේ නායකයා වැඩිදුරටත් සඳහන් කළේ රෝහල් අධ්‍යක්ෂවරයාගේ සහ අදාළ මව්වරුන්ගේ ප්‍රකාශ මත තමන් මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනමාධ්‍ය වෙත ප්‍රකාශයක් කළ බවයි.

“වෛද්‍යවරයා වැරදිකරුද නැද්ද යන්න නිගමනය කිරීමට අපට අයිතියක් නැහැ. අපි විශේෂඥයන් නොවේ. අපට අයිතිය ඇත්තේ මහජන නියෝජිතයන් ලෙස, නිල බලධාරීන් විසින් කරන ලද චෝදනා පිළිබඳව ප්‍රකාශ කිරීම පමණයි ”ඔහු පැහැදිලි කරයි.

බලහත්කාරයෙන් වන්ධ්‍යාකරණය සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් වී නොමැති බව ප්‍රකාශ කළ වීරවංශ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ එම චෝදනාවල සත්‍ය අසත්‍යතාවය තවමත් අවිනිශ්චිත බවත්, වෛද්‍ය ෂාෆි ද යළි රෝහලේ සේවයේ පිහිටුවා ඇති ඇති බවත්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මේ බව ප්‍රකාශ කළේ පසුගියදා පැවති රූපවාහිනී සංවාදයකදී වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට එරෙහිව චෝදනා එල්ල වූ අවස්ථාවේ ඔහු කළ ක්‍රියා කළ ආකාරය පිළිබඳව නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

2019 දී, වෛද්‍ය සිහාබ්දීන් අනිවාර්ය නිවාඩු යවා, සිය අවසරයකින් තොරව කාන්තාවන් වඳභාවයට පත්කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගන්නා ලදී.

ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ සබඳතා පැවැත්වූ බවටත් නීතිවිරෝධී ලෙස ධනය රැස් කළ බවටත් ඔහුට චෝදනා එල්ල විය.

මෙතෙක් සිදුකළ පරීක්ෂණවලින් චෝදනා කිසිවක් ඔප්පු වී නොමැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් වෛද්‍ය ෂාෆි සිහාබ්දීන් ඇප මත මුදාහැරියේය.

පහතින් දැක්වෙන්නේ විමල් විරවංශ මන්ත්‍රීවරයා මීට වසර කිහිපයකට පෙර වෛද්‍ය ෂාෆි සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka