gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනමත විචාරණ ප්‍රකාශය විහිළු කාරයෙකුගේ කතාවක්… ජනපති එවැන්නක් කියා නෑ - රවී කරුණානායක කියයි

වැදගත් වන්නේ විහිළු සැපයීම නොව ප්‍රජාතන්ත්‍රවාදිව ජනතා විශ්වාසය රැකගෙන කටයුතු කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි. ඒ අනුව අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන අතර නිර්දේශපාලනික අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ එම මැතිවරණයට ඉදිරිපත් වන බව රවී කරුණානායක සඳහන් කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ ඊයේ පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී එජාප මහ ලේකම් රංගේ බණ්ඩාර විසින් “ජාතිය බේරා ගැනීම සඳහා” ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂය යෝජනා කළේ යැයි කළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.

එහිදී රංගේ බණ්ඩාර තවදුරටත් පැවසුවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ අනෙකුත් පරිත්‍යාගශීලීන් සමඟ රජය ගිවිසුම්වලට එළඹ ඇති බවත්, මෙම අභ්‍යාසය සාර්ථක කර ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලසීමාව දීර්ඝ කිරීම අත්‍යවශ්‍ය බවත්ය. ආර්ථිකය ස්ථාවර කිරීම හැමදේටම වඩා වැදගත් යැයි රංගේ බණ්ඩාර අවධාරණය කළේය.

“ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලසීමාව දීර්ඝ කිරීම සඳහා ජනමත විචාරණයක් අපි යෝජනා කරනවා, එය කළ හැකි වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය එයයි,” ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම ප්‍රකාශය නිකුත් වීමත් සමඟම සියලු දේශපාලන පක්ෂ තුළ අවුල් සහගත තත්ත්වයක් ඇති වී තිබිණි. මෙම ප්‍රකාශය තම මහලේකම්වරයා හරහා ඉදිරියට දමා මහජනතාවගේ ප්‍රතිචාරය පරීක්ෂා කිරීමට රනිල් වික්‍රමසිංහ උත්සාහ කළේ දැයි දේශපාලන පක්ෂ විමසුවේය.

එහෙත් කොළඹ දිස්ත්‍රික් එජාප නායක රවී කරුණානායක මාධ්‍ය ඔස්සේ අවධාරණය කර තිබුණේ එය රංගේ බණ්ඩාරගේ පුද්ගලික ප්‍රකාශයක් මිස වෙන දෙයක් නොවන බවය.

“මේක ජනාධිපතිතුමාගේ තීරණයක් නෙවෙයි” . රවී කරුණානායක කීවේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka