gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සිරිසේනලාගේ වාසියට උසාවි නියෝගයක් ලැබෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපතිවරයාට සහ දේශපාලන මණ්ඩලයට තම කාර්ය භාරයේ කටයුතු කිරීමට බාධා කිරීම සියලු පාර්ශවයන්ට වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපති, අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ, වැඩබලන මහලේකම් කීර්ති උඩවත්ත සහ එම පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ කටයුතු සම්බන්ධයෙන් කඩුවෙල දිසා අධිකරණය අද මෙම වාරණ නියෝගය නිකුත් කරන ලදී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයින් වන ඉසුරු අබේවර්ධන සහ සුමිත් විජයමුණ විසින් ගොනුකර තිබූ පෙත්සම සළකා බැලීමෙන් අනතුරුව තවත් දේශපාලන මණ්ඩල සභිකයින් 20දෙනකු වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ අනෙක් කණ්ඩායම සමග මතභේදාත්මක තත්ත්වයක් පැනනැගීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අර්බුදයක් නිර්මාණය විය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස කටයුතු කිරීම වළක්වන අධිකරණ නියෝගයකට අනුව විජයදාස රාජපක්ෂ සහ නිමල් සිරිපාල ද සිල්වා වැඩබලන සභාපතිවරුන් ලෙස ඒ ඒ පාර්ශවයන් විසින් පත්කරන ලදී.

අනතුරුව නව සභාපති විජයදාස රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අධිකරණ නියෝග කිහිපයක් ද නිකුත් කෙරුණි.

කෙසේවෙතත් ඉකුත් ඉරිදා මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වූ අතර එම පක්ෂයේ නව සභාපතිවරයා ලෙස විජේදාස රාජපක්ෂ පත්කිරීමට විධායක කමිටුව ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කළේය.

මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ වැඩබලන මහලේකම්වරයා ලෙස නීතීඥ කීර්ති උඩවත්ත පත්කර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka