gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාතර නව රෝහලේදී මියගිය බිලිඳාගේ සිද්ධිය අධිකරණයට යයි! DNA පරීක්ෂණයක් කරන්න! අධිකරණය නියෝග කරයි!

මාතර නව දිස්ත්‍රික් මහ රෝහලේදී මියගිය බව කියන බිලිඳාගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා DNA පරීක්ෂණයක් සිදුකරන ලෙසට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා අද නියෝග කළේය.

ඒ සිය බිලිදා සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් එම මව්පියන් ඉල්ලා සිටි අවස්ථාවේ රෝහල් අධ්‍යක්ෂවරයා ඊට විරුද්ධවූ බව කියන පසුබිමකය.


මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා රෝහල වෙත පැමිණ, රෝහල් බලධාරීන් මව්පියන්ට පෙන්වූ බව කියන බිළිඳු මළ සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.

එහිදී මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත්තේ සිරුර පිළිබඳ මරණ පරීක්ෂණයක් ද සිදුකරන ලෙසටය.
මාතර වැලිගම පදිංචි 24හැවිරිදි කාවින්ද්‍යා මදුෂානි පසුගිය 22වැනිදා මාතර නව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් වුණේ සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහාය.

මදුෂානි රෝහල් ගතකළ දා ම ඇය දරුවා ප්‍රසූත කළත්, බිලිඳා මියගොස් ඇති බව රෝහල් බලධාරීන් ඇයට දැනුම්දී තිබුණි.

නමුත් බිලිඳාගේ මව්පියන්ට ඒ පිළිබඳ සැකයක් මතුව ඇත.

ඒ, මියගිය බව කියූ සිය බිලිඳාගේ මළ සිරුර රෝහල් බලධාරීන් මව්පියන්ට නොපෙන්වීම සහ මේ පිළිබඳ බලධාරීන් කළ බව කියන පරස්පර ප්‍රකාශ හේතුවෙනි.

බිලිඳු මරණයකදී රෝහලක් අනුගමනය කරන සාමාන්‍ය ක්‍රමවේදය කුමක්දැයි අප ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකුගෙන් විමසුවේය.

එහිදී ඔහු කියා සිටියේ මළ සිරුර පිළිබඳ ඉදිරි කටයුතු ගන්නා ආකාරය පිළිබඳ රෝහලක් අනිවාර්යයෙන්ම මව්පියන්ගේ කැමැත්ත විමසන බවය. 

එවන් පසුබිමක මෙම මව්පියන්ට දරුවා සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් තොරතුරු වසන් කිරීමක් කළාද?
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka