රට ගොඩනැඟීමට නම් පැරැණි ආර්ථික ගමන මෙන්ම දේශපාලන ගමන ද වෙනස් විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙරට විරැකියාව ඇති වුණේ පැරැණි ආර්ථික ක්‍රමය නිසා බවත්, එම නිසා අලුත් ආර්ථික ක්‍රමයක් ඇති කිරීම තුළින් නව රැකියා අවස්ථා බිහි කරගත යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඉරණමඩු නෙළුම් පියස ශාලාවේ පසුගියදා සංවිධානය කර තිබූ කිළිනොච්චිය දිස්ත්‍රික් තරුණ සමුළුවට එක්වෙමිනි.
මෙහිදී කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ගේ අවශ්‍යතා සහ ගැටලු ජනාධිපතිවරයා වෙත සෘජුවම යොමු කිරීමට ද අවස්ථාව සලසා දී තිබුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,
මෙහිදී බොහෝ දෙනෙක් මට කරුණු ඉදිරිපත් කළා. මේ ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ ආර්ථික ප්‍රශ්න ගැන අමාත්‍යවරයා ක්‍රියා කරන බව දැනුම් දුන්නා. තරුණ තරුණියන්ට ආදායම් මාර්ග වගේම රැකියා අවස්ථා ද අවශ්‍යයි. පළමුව යාපනයෙන් හෝ ජාතික මට්ටමින් මේ ප්‍රශ්න ගැන සොයා බලන්නම්. අපේ රටේ පසුගිය වසර හතරක් තිස්සේ ප්‍රශ්න තබුණා. කොවිඩ් නිසා රටේ ආර්ථිකය කඩාවැටුණා. රැකියා අවස්ථා අහිමි වුණා. මම රට භාර ගත්තේ එවන් අමාරු අවස්ථාවකයි.
අද අපට පළමුව සිදු කළ යුතුව තිබෙන්නේ කඩා වැටුණ ආර්ථිකය ගොඩ නඟන්නයි. මම දැන් 2023- 2024 රටේ ආර්ථිකය ගොඩනැඟීමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා. එය අවසන් කරන්න අවශ්‍යයි. රට බංකොලොත් කියා ලෝකය පිළිගත්තා. රට බංකොලොත් නැති බව දැන් අප කියන්න අවශ්‍යයයි. රට බංකොලොත් වුණොත් විදෙස් මූල්‍ය ආයතන අප සමඟ කටයුතු කරන්නේ නැහැ. රටේ ජනතාව ඉතා අමාරුවෙන් ඉන්නේ. රැකියා කරන අයගේ වැටුප ප්‍රමාණවත් නැහැ. විරැකියාව ඇති වුණේ ඇයි? විරැකියාව ඇති වුණේ පැරැණි ආර්ථික ක්‍රමය නිසයි.
තායිලන්තය, වියට්නාමය, මැලේසියාව වැනි රටවල් අපනයන ආර්ථිකයක ගමන් කරමින් සිටිනවා. අපට මුදල් නැති නිසා ණය ගනිමින් සිටිනවා. දැන් ණය ගත්තට අපට ගෙවන්න ක්‍රමයක් නැහැ. මම මේ ප්‍රශ්නයෙන් රට බේරා දෙන්නම්. ඒත් තවදුරටත් ණය ලබාගත හොත් රටක් විදිහට තවත් අමාරු වෙනවා. රජයේ රැකියා ලබා දෙන්නත් මුදල් නැහැ. අපි මෙතැන් සිට ආර්ථිකය නඟාසිටුවිය යුතුයි. දේශපාලනඥයන් ඡන්ද කාලයට රැකියා ලබා දෙන්නම් කියනවා. ඒක හරියට හිස් පසුම්බියක් අරන් ගමනක් යනවා වගෙයි. අප මේ තත්ත්වයට සෘජුව මුහුණ දිය යුතුයි. අලුත් ආර්ථික ක්‍රමයක් ඇති කරමින් රැකියා අවස්ථා ලබාදිය යුතුව තිබෙනවා.
සංචාරක ව්‍යාපාරය දියුණු වන විට රැකියා අවස්ථා ඇති වෙනවා. මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව අවම වශයෙන් ලක්ෂ 50ක් දක්වාවත් වැඩි කර ගත යුතුයි. මෙරටට පැමිණෙන සංචාරකයෙක් දිනකට වියදම් කරන්නේ ඩොලර් 150ක් වැනි ප්‍රමාණයක් පමණයි. නමුත් ඔවුන්ගෙන් අඩුම තරමින් ඩොලර් 400-500ක්වත් ලබා ගැනීමට අප ක්‍රමවේදයක් සකස් කළ . ඇතැම් තරුණයන් ක්‍රිප්ටෝ ගනුදෙනු කරනවා. එහි නීති ලිහිල් කරන්න කියලා ඔවුන් කියනවා.
කෘෂිකර්මය දියුණු කිරීම අපේ තවත් අරමුණක්. අතීතයේ අපි බෝග අපනයනය කළා. නමුත් නිදහස ලැබීමෙන් පසුව අපනයන කේෂ්ත්‍රය අඩාල වුණා. අපේ ඉඩම් යොදා ගෙන නවීන කෘෂිකර්මාන්තයක් ඇති කළ යුතුව තිබෙනවා. සුහුරු කෘෂිකර්මය ගමට ලබාදීමේ වැඩසටහන ලබන වසරේ සිට ආරම්භ කරනවා. සුහුරු කෘෂිකර්මය කොළඹ කරන්න බැහැ. ඒක කළ හැකි වන්නේ ඈත ගම්මවලයි. රටක් ඉදිරියට ගෙන යෑමට නම් අපනයන කෘෂිකර්මය ඇති කළ යුතුයි. ඊළඟට අපේ කර්මාන්ත වැඩි කළ යුතුව තිබෙනවා. ඒ තුළින් රැකියා අවස්ථා උදාකර දීමට සැලසුම් සකස් කරනවා. මේ ප්‍රදේශයේ ආයෝජන කලාප ඇති කිරීමට ද බලාපොරොත්තු වෙනවා.
පරිගණක අධ්‍යාපනය ද වැඩිදියුණු කළ යුතුයි. අපි මේ ගමන යමු. මෙතැන හිරවෙලා හිටියොත් ලෝකය ජයග්‍රහණය කරන්න බැහැ. එදා මම තරුණ විය ගත කළ කාලය දෙස බලන විට අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් ඉදිරියෙන් හිටියා. නමුත් මේ වන විට සිංගප්පුරුව, මැලේසියාව, චීනය, වියට්නාමය ඉදිරියට ගමන් කර තිබෙනවා. මෙහෙම බලාගෙන හිටියොත් ඇෆ්ගනිස්ථානයත් අපට වඩා ඉදිරියට යා හැකියි. එම නිසා පැරණි ආර්ථික ගමන මෙන්ම දේශපාලන ගමන ද වෙනස් විය යුතුයි. මෙහිදී රැකියා ලබාදෙනවා කියා රට ඉදිරියට ගෙන යෑමේ වැඩපිළිවෙළ අමතක කරන්න මට හැකියාවක් නැහැ.
රජය ලබාදෙන වාසිය අරගෙන ඔබ ඉදිරියට ගමන් කරන්න. අපට යන්න තිබෙන අලුත් මාවත ඉදිරියට ගෙන යෑමට අවශ්‍යයි. 2022 වසරේදී කඩාවැටුණු ආර්ථිකය මෙතරම් කෙටි කාලයකින් ඉහළට එනු ඇතැයි කවුරුත් විශ්වාස කළේ නැහැ. මේ තත්ත්වය ආරක්ෂා කරමින් රට ඉදිරියට ගෙන යා යුතුයි. වෙනදාට වඩා කොළඹට වෙසක් සිරි නරඹන්න මෙවර විශාල පිරිසක් පැමිණියා. යාපනයේත් මෙවර වෙසක් තිබුණා. රට සංවර්ධනය කිරීමේ පරිවර්තනය මම සිදු කරනවා. ඒක ඉදිරියට ගෙන යෑමේ වගකීම ඔබට තිබෙනවා.
රැකියා ඉල්ලීමට වඩා කවුරු බලයට ආවත් රැකියා ලබා දෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය අහන්න. බොරුවට කෑ ගහන අය ළඟ ඔබේ ප්‍රශ්නවලට විසඳුම් නැහැ. ඔබේ ප්‍රශ්න ක්‍රමානුකූලව විසඳීම සඳහා වන වැඩපිළිවෙල අප ආරම්භ කර තිබෙනවා. එම වැඩපිළිවෙල සමඟ එක්ව ඒ කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා.
මෙම අවස්ථාවට අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන්, තරුණ කටයුතු හා තිරසර සංවර්ධනය පිළිබද ජනාධිපති අධ්‍යක්ෂ රන්දුල අබේධීර, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ තරුණ සේවා සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අයියාතුරෙයි තවේන්ද්‍රන් යන මහත්ම මහත්මීන්, තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටියහ.
– Media unit