වසන්ත යාපා කූඨ ලේඛන හදලා…- කිරිඇල්ලගෙන් ලොකු චෝදනාවක්…
සමගි ජන බලවේගය නියෝජනය කරමින් ව්‍යාජ ලිපි ලේඛන සකසා ඇති බවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාප බණ්ඩාර වෙත එම දිස්ත්‍රික්කයේම පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසින් චෝදනා එල්ල කරයි.
සුජීව සේනසිංහ මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ස.ජ.බයට අනුබද්ධ සංවිධානයක ලිපි ශීර්ෂයක් ව්‍යාජ ලෙස සකසා යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා එසේ සිදුකර ඇති බවටද ඔහු චෝදනා කරයි.
දිස්ත්‍රික්කයේ පැරණි පක්ෂ සාමාජිකයන්ට පවා එම ව්‍යාජ ලිපි ශීර්ෂයන් සහිත ලිපි යවා ඇති බවට කිරි ඇල්ල මන්ත්‍රීවරයා විසින් චෝදනා එල්ල කළ අතර වැඩිදුරටත් ඔහු පවසා සිටියේ, අධිකරණය වෙත් ගියහොත් එය දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.
වසන්ත යාපා කූඨ ලේඛන හදලා…- කිරිඇල්ලගෙන් ලොකු චෝදනාවක්…
2024-05-26T18:04:00+05:30
Gossip Lanka Hot News






