gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පිත්තල හන්දියේ දී ගෝඨාභය ඝාතනයට තැත් කිරීම; ප්‍රධාන විත්තිකරුගේ පාපොච්චාරණය ඇතුළත් ලොග් පොත මිසිං...

කොල්ලුපිටිය පිත්තල හන්දියේදී එවක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ ප්‍රධාන විත්තිකරු වන පොන්නසාමි කාර්තිගේසු සිවාජි විසින් පොලිසියට ලබාදුන් පාපොච්චාරණය ඇතුළත් මුල් ලේඛනය අතුරුදන්ව තිබේ.

අදාළ ප්‍රහාරයෙන් සෙබළුන් තිදෙනෙක් මිය ගියහ.

මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ සහ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපතිවරුන් ඉදිරිපත් කළ සාක්ෂි අනුව කොළඹ මහාධිකරණයේදී මේ බව අනාවරණ විය.

එම පාපොච්චාරණය සටහන් කර ගත් උප පොලිස් පරීක්ෂකවරයා එය නීත්‍යනුකූලව උසස් නිලධාරීන්ගේ ලොග් පොතේ අලවා ඇති බව අනාවරණය විය.

කෙසේවෙතත් පැමිණිල්ල සාක්‍ෂි ලෙස ඉදිරිපත් කිරීමට සූදානම් වන විට එහි මුල් ලේඛනය පොලිස් ලේඛනාගාරයේ නොමැති බව අනාවරණ වී තිබේ.

කරුණු ඉදිරිපත් කරමින් ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ ලොග් පොත් යල් පැන ගිය විට විනාශ වන නමුත් පොත විනාශ වීමට පෙර ඒ පිළිබඳව සටහනක් තබන බවයි.

කෙසේවෙතත්, පොත විනාශ වීම සම්බන්ධයෙන් එවැනි සටහනක් නොමැත.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහන්ත අබේසූරිය අධිකරණයට දන්වා සිටියේ අදාළ ලොග් පොත අස්ථානගත වී ඇති බවට සාක්ෂි ලැබී ඇති බැවින් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන මීළඟ පියවර අධිකරණයට දැනුම් දීමට කටයුතු කරන බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka