gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලබන බදාදාට පෙර පාර්ලිමේන්තුව විසුරුවන්නැයි දැඩි බලපෑම්..

මැයි මස 15න්දාට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරි ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් දැඩි ලෙස බලපෑම් කරමින් සිටින බව පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. එම පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

පොහොට්ටුවේ නායකයින්ට ජනාධිපතිතුමන්ට බලපෑම් කරනවා මැයි 15ට කලින් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියලා. ජනාධිපතිවරණය මුලින් තිබ්බහම ඒකෙන් ආණ්ඩුව බරපතල පරාජයක් ලබනවා. ඊට පසුව පවත්වන පාර්ලිමේන්තු ඡන්දයෙන් පොහොට්ටු මන්ත්‍රිවරුන් හේදිලා ගෙදර යනවා. ඒ නිසයි ඔවුන්ට අවශ්‍ය ජනපතිවරණයකට පෙර පාර්ලිමෙන්තු මැතිවරණයක්.

එය රටට අවාසියි. මෙවර ජනාධිපතිවරණයේදී කිසිවෙකු 50% ලබාගන්නේ නෑ. දිනන අපේක්ෂකයා පවා 35% – 40% පරාසයේ ඉන්නේ. නමුත් ජනාධිපතිවරනයෙන් පසුව පාර්ලිමේන්තු මැතිවරණය තිබ්බොත් අපි හැමෝම දන්න කාරණය තමයි ජනාධිපතිවරණය දිනපු පැත්තට විශාල බලයක් ලැබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු ඡන්දය මුලින් තිබ්බොත් කාටවත් බහුතරය නැති නිසා අස්ථාවර පාර්ලිමේන්තුවක් හැදෙන්නේ.

ඒ වගේම අපේ ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව වසර දෙක හමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට ද බෑ. එහෙම උනොත් ජනාධිපති ධූරකාලයෙන් 50% වැඩක් නොකර නිකං ඉන්නයි පත්වෙන ජනපතිට වෙන්නේ. වෙනත් වචනවලින් කියනව නම් ආර්ථික අර්බූදයක් මැද ආණ්ඩුව වසර දෙකහමාරක් අකර්මන්‍ය කිරීමේ යෝජනාවක් තමයි මේ පොහොට්ටුව ගෙනවිත් තියෙන්නේ.

ඒ අනුව පොහොට්ටුවට වාසි පාර්ලිමේන්තු මැතිවරණය කලින් පවත්වන එක. රටට වාසි ජනපතිවරණය කලින් පවත්වන එක. ඒ නිසා අපි ජනාධිපතිතුමන්ට කියන්නේ පොහොට්ටුවට වාසි දේ නෙවෙයි රටට වාසි දේ කරන්න කියලා.

– Media unit
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka