අනුරගේ ටිකට් එක සජබ වේදිකාවේදී රටටම පෙන්වයි!
ජාතික ජන බලවේගය මැයි දිනයේ වියදම අහිංසක කම්කරුවා මත පටවා ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා අද (01) චෝදනා කළා.
සමගි ජන බලවේගයේ මැයි දින රැලිය කොළඹ, චැතම් වීදීයේ පැවැත්වෙන අතර එහිදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
එහිදී අලෙවි කෙරුණු ටිකට් පතක් ද ඔහු පෙන්වුවා.
“මට මේ ටිකට් එක දුන්නේ අලව්ව සෙන්ට්‍රල් එකේ ගුරුවරයෙක්. කයිවාරු ගහන අනුර දිසානායක මහතාගේ බලවේගය. මේ මගේ අතේ තියෙන්නේ ටිකට් එකක්. ගමක් ගමක් ගානේ කම්කරුවන් ගාවට ගිහින් මැයි දිනය සමරන්න ආධාර කොලයක් ගහලා.”
“ඈ යකෝ මෙහෙම හිඟා කාලා මැයි දින කරන එවුන් කොහොමද රටක් හදන්නේ. දැන් පක්ෂ අරමුදලේ තිබෙන රුපියල් කෝටි 900 කෝ. ඒවා සාක්කුවට ද?”
අනුරගේ ටිකට් එක සජබ වේදිකාවේදී රටටම පෙන්වයි!
2024-05-01T17:29:00+05:30
Gossip Lanka Hot News






