gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අනුර කුමාර දිසානායක අවසන් නිවේදනය නිකුත් කරයි

ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක පැවසූවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තව දුරටත් විවාදය සඳහා නිශ්චිත දිනයක් ලබා නොදී කල්මරමින් සිටිනා බවයි.

එසේම මැයි මස 20 වැනිදාට පෙර සුදුසු දිනයක් ලබා නොදේනම්, ඔහු විවාදයෙන් පලා ගියා සේ සලකන බවද අනුර කුමාර දිසානායක වැඩිදුරටත් පැවසීය.

ජාතික ජන බලවේගය විසින් ලබාදුන් දිනයන් සම්බන්ධයෙන් සජිත් පාර්ශවයෙන් නිෂ්චිත ප්‍රතිචාර නොමැති වූ පසුබිමක මැයි 20ට පෙර ඕනෑම දිනයක් ලබාදෙන මෙන් ජාතික ජන බලවේගය වඩා නම්‍යශීලී පිලිවෙතක් අනුගමනය කළද විපක්ෂ නායකවරයා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටීමෙන් පෙනෙන්නේ විවාදය මඟහැරීමට උත්සාහ කිරීමක් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

එසේම අවසාන වශයෙන් 20 වැනිදාට පෙර ඕනෑම දිනයක් විපක්ෂ නායකවරයාට තෝරා ගන්නා ලෙස නැවතත් සිහිපත් කරමින් අනුර කුමාර දිසානායක කියා සිටියේ අදාල දිනයට තමාට මොන කටයුත්ත යෙදී තිබුණද අනිවාර්යෙන්ම සහභාගි වන බවයි.

මෙය විපක්ෂ නායකවරයාට කරන අවසාන දැනුම් දීම බව පැවසූ ජන බල වේගයේ නායක අනුර කුමාර එම දිනයේ  හෝ ඊට පෙර විපක්ෂ නායක වරයා විවාදය සඳහා නොපැමිණෙන්නේ නම් එම පක්ෂය යෝජනා කරන ආර්ථික කමිටුව හා  විවාදයට සූදානම් යැයි  පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka