gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පුටින් තවත් වසර හයක ධුර කාලයක් සඳහා අද දිවුරුම් දෙයි!

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අද (7) රුසියානු නායකයා ලෙස තම පස්වන ධුර කාලය සඳහා එනම් නව වසර හයක ධුර කාලයක් සඳහා දිවුරුම් දී තිබේ.
දිවුරුම් දීමේ උත්සවය ක්‍රෙම්ලිනයේ පැවති අතර යුක්‍රේනයට එරෙහි රුසියාවේ යුද්ධය හේතුවෙන් එක්සත් ජනපදය ඇතුළුව තවත් බටහිර රටවල් ගණනාවක් විසින් එම උත්සවය වර්ජනය කර ඇති බව වාර්තා වේ.

උත්සවයේ දී අදහස් දක්වමින් පුටින් ප්‍රකාශ කර ඇත්තේ රුසියාව වර්ථමානයේ පවතින දුෂ්කර කාල පරිච්ඡේදය වඩාත් ශක්තිමත්ව පසුකර ගොස් ජයග්‍රහණය කරන බවයි. එමෙන්ම රුසියානුවන් එක්සත් හා ශ්‍රේෂ්ඨ ජාතියක් හෙයින් සියල්ලන් ම එක්ව සියලු බාධක ජය ගත යුතු බවත්, සැලසුම් කළ සියල්ල අවබෝධ කර ගෙන එක්ව ජයග්‍රහණය කරා යා යුතු බවත් ඔහුගේ ප්‍රකාශයේ සඳහන්.

71 වන වියේ පසුවන පුටින් රුසියානු දේශපාලනයේ ආධිපත්‍යය දරන අතර  ජාත්‍යන්තර තුළදී ඔහු බටහිර රටවල් සමඟ ගැටෙන්නේ රුසියාව පරාජය කිරීමට කිරීමට ඔවුන් යුක්‍රේනය භාවිතා කරන බවට චෝදනා කරමින්.

පසුගිය මාර්තු මාසයේ පැවති රුසියානු ජනාධිපතිවරණයෙන් ඔහු විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.එහි දී පුටින් ගේ ප්‍රසිද්ධ ප්‍රතිවාදියා වූ ඇලෙක්සි නවාල්නි ජනාධිපතිවරණයට පෙර හදිසියේ මිය ගිය අතර අනෙකුත් ප්‍රතිවාදීන් සිරගත කිරීමට නැතහොත් විදේශ ගත වීමට බල කෙරුනු බව වාර්තාවන් හි සඳහන් වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka