මැයි 20ට පෙර විවාදයට සූදානම් බව අනුර කියයි
මැයි 20ට පෙර සමගි ජන බලවේගය ලබාදෙන ඕනෑම දිනක විවාදයට සූදානම් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
එමෙන්ම මේ වනවිට සෙසු සියළු පක්ෂ වෙනදාට වඩා මාලිමාව දෙස බලාසිටින බවත් එම නිසා සිය පක්ෂයට අභියෝගය වැඩි වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
සිය පක්ෂය පිළිබඳ විශ්වාසයෙන් සිටින ජනතාවගේ එම විශ්වාසය ගිලිහීයාමට ඉඩනොදී ජයග්‍රහණය දක්වා ගමන්කිරීමේ අභියෝගය මේ වන විට සිය පක්ෂයට පැමිණ ඇති බවයි එහිදී අනුර කුමාර පැවසුවේ.
මැයි 20ට පෙර විවාදයට සූදානම් බව අනුර කියයි
2024-05-01T17:33:00+05:30
Gossip Lanka Hot News






