ෆොන්සේකා ජනාධිපති අපේක්‍ෂකත්වය ඉල්ලයි.. සාම සාකච්චා බිද වැටේ..
සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන සරත් ෆොන්සේකා හා තිස්ස අත්තනායක මහත්වරුන් අතර පැවති සාකච්ඡා බිඳ වැටී ඇති බව වාර්තා වෙයි. ඒ ඉදිරි ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකත්වය තමන්ට ලබා දෙන ෆොන්සේකා මහතා ඉල්ලා සිටීම හේතුවෙනි.
ෆොන්සේකා හා සමගි ජන බලවේගය පක්ෂය අතර පවතින අර්බුදය සමථයකට පත් කර ගැනීම සඳහා පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පත් කර තිබිණි.
ඒ අනුව මෙම සාකච්ඡා පැවැත්වී ඇති අතර ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා සිටීම හේතුවෙන් සාකච්ඡා තවදුරටත් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකට පත්ව තිබේ.
ෆොන්සේකා ජනාධිපති අපේක්‍ෂකත්වය ඉල්ලයි.. සාම සාකච්චා බිද වැටේ..
2024-05-26T12:26:00+05:30
Gossip Lanka Hot News





