ජනාධිපතිවරණය කැදවීමට තවත් ඇත්තේ සති 6ක් පමණක් බවත්, මහඡන්දෙට ඉතිරිව ඇත්තේ තවත් දින 132ක් පමණක් බවත් සජබ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා මුලින්ම මහඡන්දය නොතියන්නේ ජවිපෙට කරන උදව්වක් ලෙස බවත්, යම් හෙයකින් මහඡන්දය තැබුවහොත් ජවිපෙට දිස්ක්‍රික් මට්ටමින් කණ්ඩායම් නම් කිරීමේදී ජවිපෙ හෙළුව එළියට එන නිසා මහමැතිවරණය නොපවත්වන බවත්ය.
යම් හෙයකින් මහමැතිවරණයක් පැවැත්වුවහොත් සජබය ආසන 113 ඉක්මවා ගන්නා බව කී ඒ මහතා ජවිපෙට උපරිම ආසන 25ක් හිමිවනු ඇති බව ද කියා සිටියේය.