gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අවුරා ලංකා සභාපතිට ඇප: CID නිලධාරීන් කප්පම් ඉල්ලූ බවට චෝදනාවක්

මූල්‍ය චෝදනා මත අත්අඩංගුවට ගත් අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල අද (මැයි 27) ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ නියෝග කළේ ය. ඒ.ඩබ්.එස්. නමැති සමාගමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලක් අනුව, මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකාර සභාපතිවරයා මෙම සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන ආපසු ලබා නොදී මූල්‍ය වංචාවක් කර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දන්වනු ලැබීය.

නීතිඥ රන්ජන් ද සිල්වා, නීතිඥ නාමල් රාජපක්ෂ, නීතිඥ මදාරා විජේසිංහ, නීතිඥ හික්කඩුව ලියනගේ ඉසුරි සමග නීතිඥ උපාලි ජයමාන්න සැකකාර සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිට තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනෙකු මීට පෙර අවස්ථාවක තම සේවාදායකයාගෙන් කෝටි 30ක කප්පම් මුදලක් ඉල්ලා ඇති අතර එම සිද්ධිය තම සේවාදායකයා හෙළි කළහොත් යන සැකය මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපාලි ජයමාන්න කරුණු දක්වමින් සඳහන් කළේ ය.

ඔහු තවදුරට ත් සඳහන් කළේ, එම මුදල කෝටි 12කට සහ ඉන් පසුව කෝටි 5කටත් අඩු කොට කෝටි 2ක අත්තිකාරමක් ලබා ගෙන ඇති බව ත් එම කප්පම් සිද්ධියට සම්බන්ධ සාක්ෂි තම සේවාදායකයා සන්තකයේ පවතින බව ත් ය.

තව ද, තම සේවාදායකයාට මෙම කප්පම් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත රහස්‍ය ප්‍රකාශයක් කිරීමට අවසර ලබා දෙන ලෙස ද ඔහු මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙම කරුණු සලකා බලා මහේස්ත්‍රාත්වරිය සැකකරු රුපියල් ලක්ෂ 100ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළා ය.

අනතුරුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ, මෙම නඩුව ජූලි 29 වන දා නැවත කැඳවන ලෙස ය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka