වසර දෙකක කාලයක් කුවේට් රාජ්‍යයේ ගෘහ සේවිකාවක් වශයෙන් සේවය කර මාසිකව උපයා ගන්නා වැටුප හැටන් මහජන බැංකුවේ විවෘත කර තිබුණු තම ගිණුමට බැර කළද තමා දිවයිනට පැමිණ එම මුදල් වලින් කොටසක් ලබා ගැනීමට බැංකුව වෙත ගිය අවස්ථාවේ ගිණුමේ ඉතිරය ලෙස තිබුණේ රුපියල් 1046ක් පමණක් බව බගවන්තලාව පොලිස් වසමට අයත් එල්බොඩ වත්ත පහළ කොටසේ පදිංචි නිත්‍යජොති අම්මාන් නැමැති කාන්තාවක් හැටන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබේ.
පවුලේ පවතින ආර්ථික අපහසුතා සහ පදිංචිව සිටින නිවස අලුත්වැඩියා කර ගැනෙීමේ අරමුණින් 2022.05.17 දින කුවෙට් රාජ්‍යයේ නිවසක ගෘහ සේවය සදහා ගිය බවත්, සේවයට බැදුණු දින සිට මාසිකව ලැබුණු වැටුප එරට බැංකුවක් හරහා හැටන් ප්‍ර මහජන බැංකුවේ සිය ගිණුමට බැර කළ බවත් ඇය කියා තිබුණාය.
එසේ බැර කළ මුදල රුපියල් 13,44859/= (දහතුන් ලක්ෂ හතලිස් හතරදහස් අටසිට පනස් නවයක) බවත් ඇය ප්‍රකාශ කර ඇත.
ඉකුත් මස (28) දින යලිත් දිවයිනට පැමිණ නිවස අලුත්වැඩියා කර ගැනීමට ගිණුමෙන් මුදල් ලබා ගැනීම සඳහා හැටන් නගරයේ පිහිටි එම රාජ්‍ය බැංකුව වෙත ගොස් මුදල් ගැනීමේ පත්‍රිකාව පුරවා විදේශ ගමන් බලපත්‍රය සමග බැංකුව වෙත ලබාදිමේදි බැංකු නිලධාරියා විසින් එය පරික්ෂා කර බලා ගිණුමේ ඇත්තේ රුපියල් 1046 මුදලක් පමණකැයි පැවසු බවයි ඇය කියා සිටියාය.
පසුව එම බැංකුවේ කලමණාකාරවරයා මුණ ගැසි කරුණු විමසිමේදි තමන් මාසිකව එවු මුදල් තමන් විසින්ම මාසිකව ලබාගෙන ඇති බවට බැංකු ගිණුමේ සඳහන් වන බව කලමණාකාරවරයා පවසා සිටි බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
වසර දෙකකට පසු මෙරටට පැමිණි තමන් එසේ මුදල් ලබා ගන්නේ කෙසේද යන්න ප්‍රශ්න කළද ඉන් ඵලක් නොවු නිසා සියදිවි හානි කර ගැනිමේ චේතනාවෙන් තමන් ධාවනය වෙමින් තිබු බස් රථයකට පැන්න බවත්, එහිදී පිරිසක් එක්ව තමන්ව ඉන් බේරාගත් බවත් අගතියට පත් කාන්තාව කියා සිටියාය.
පසුව තමන් හැටන් පොලිස් කොට්ඨාසයේ අපරාධ විමර්ශන ඒකකය වෙත ගොස් පැමිණිල්ලක් කළ බවත්, ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ සිදු කරන නිලධාරින් තමන් වෙත බැංකුවෙන් ගිණුම් වාර්තාවක් ලබාදෙන ලෙස කළ ඉල්ලිමක් මත බැංකුව වෙත රු 2400 ක මුදලක් ගෙවා ගිණුම් වාර්තා ලබාදුන් බවත් ඇය පැවසුවාය.
තමන් ගෘහ සේවයට කුවේට් රාජ්‍ය දක්වා යන අවස්තාවේ තම නිවසට යාබදව පදිංචි කාන්තාවකට තමන්ගේ ජාතික හැදුනුම්පත, බැංකු ගිණුම් පොත ආරක්ෂාව සඳහා භාරදි ගිය බවත්, එසේ තමන් සිදුකලේ තම සැමියා මත්පැන් පානයට ඇබ්බැහි වී සිටින පුද්ගලයෙකු නිසා බවත්, තම මුදල් ගිණුමේ මුදල් කිසියම් පාර්ශවයක් විසින් ලබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් කර යලිත් නිවසට ගොස් තමා විසින් විදේශගත විමේදි අසල්වාසි කාන්තාවට ආරක්ෂාව සඳහා ලබාදි තිබු බැංකු ගිණුම් පොත සහ ජාතික හැදුනුම්පත ඉල්ලා සිටි අවස්තාවේ ඇය විසින් ජාතික හැදුනුම්පත පමණක් ලබාදුන් බවත්, බැංකු ගිණුම් පොත අස්ථානගත වී ඇති බව ඇය පවසා සිටි බවත් නිත්‍යජොති අම්මාන් කියා සිටියාය.
යලිත් තමන් අදාල බැංකුව වෙත ගොස් එම බැංකුවේ සවි කර ඇති ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්ත පරික්ෂා කිරිමේදි තම මුදල් අසල්වාසි කාන්තාව විසින් බැංකු වෙත පැමිණ තමන්ගේ අත්සන ව්‍යාජ ලෙස භාවිතා කර ලබා ගන්නා අයුරු සටහන් වි තිබු බව තහවුරු වී ඇතැයි ඇය පැවසුවාය.
හැටන් මහජන බැංකුවේ කලමණාකාරවරයා ඇතුළු නිලධාරින්ද ගිණුම් හිමියාගේ අනන්‍යතාවය නිසි ලෙස තහවුරුකර නොකරගෙන තමාගේ ගිණුමට බැර කර තිබු සියළුම මුදල් වෙනත් පාර්ශවයකට ලබා දි ඇති ඇය කීවාය.
තමාගේ මුදල් වෙනත් පාර්ශවයකට ලබාදිම සම්බන්ධයෙන් බැංකුවේ නිලධාරින් වගකිය යුතු බවත්, වසර දෙකක් දුක් මහන්සි වි හම්බ කළ මුදල් කුවේට් රාජ්‍යයේ බැංකුවට බැර නොකර මෙරටට මුදල් බැර කර සිටියේ වැඩි ආරක්ෂාවට බවත් ඇය හැඩු කදුලින් කීවාය.
මුදල් ලබා ගැනිම සම්බන්ධයෙන් තමන්ගේ නිවස අසල පදිංචි කාන්තාවගෙන් කල තමන් මුදල් ලබානොගත් බවත්, බැංකුවේ නිලධාරින් එම මුදල් කොල්ල කන්නට ඇති බවත් ඇය විසින් තමන්ට තර්ජනය කරමින් පැවසු බවද නිත්‍යජොති අම්මාන් පැවසිය.
තමන් යලිත් මේ වසරේ 07.10 දින එම රටේම ගෘහසේවයට යාමට අපෙක්ෂාවෙන් සිටින බවත්, ඊට ප්‍රථම තමන් බැංකුව වෙත බැර කළ මුදල් ලබාදිමට අදාල වගකිය යුතු නිලධාරින් කටයුතු කළ යුතු බවත් ඇය කියා සිටියාය.
අප මේ සම්බන්ධයෙන් අදාල බැංකුවේ නිලධාරියෙකුගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ විදේශ ගතව සිට පැමිණි කාන්තාවගේ සමාන හැඩහුරුකම් ඇති කාන්තාවක් පැමිණ නියමිත අත්සන යොදා දික්ඔය , හැටන් සහ නාවලපිටිය යන නගර වල පිහිටි මහජන බැංකු ශාඛා වලින් වරින් වර මුදල් ලබාගෙන ඇති බවත්, ඇයගේ ජාතික හැදුනුම්පතේ ඡායාරුප අපැහැදිලිව තිබු නිසා අත්සන ලෙස නිසිලෙස යෙදු නිසා කිසිදු සැකයකින් තොරව එම ගිණුමේ තිබු මුදල් ඇය වෙත ලබාදුන් බවත් කීවේය.
-lankasara