ඩයනාගේ විවාහයත් බොරුවක්.. සැමියාගෙන් යුකේ‍්‍රන තරුණියකට දරුවන් දෙදෙනෙක්… (video)
හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ ලංකා පුරවැසිභාවය පමණක් නොව මෙරට විවාහයද බොරුවක් බව අභිනව ජනතාව පෙරමුණේ නායක නායක ඕෂල හෙරත් මහතා සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ ඩයනාගමගේ මහත්මිය විවාහ වී සිටි සිටින බව කියන සේනකද සිල්වා වෙනත් නීත්‍යානුකූල විවාහයක් පවතින පුද්ගලයකු බවයි.
යුක්‍රේන ජාතික තරුණියක් හා විවාහ වී සිටින ඔහුට එම විවාහයෙන් දරුවන් දෙදෙනෙකු සිටින බවටද තොරතුරු ඇතැයි ඔහු කියා සිටියි.
දැනටද එම කාන්තාව මෙරට නිවසක සිටින බවත් සේනකද සිල්වා මෙම කාන්තාවන් දෙදෙනා සමගම ජීවත් වන බවත් ඔහු පවසයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.
ඩයනාගේ විවාහයත් බොරුවක්.. සැමියාගෙන් යුකේ‍්‍රන තරුණියකට දරුවන් දෙදෙනෙක්… (video)
2024-05-12T22:29:00+05:30
Gossip Lanka Hot News






