gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රු.බිලියන 3.5ක බදු පොලු තිබ්බැයි අලෝෂියස් ඇතුළු මෙන්ඩිස් කොම්පැණියේ ලොක්කෝ 03කට වරෙන්තු

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක(3,555,488,597.00) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාලත් ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ ඊයේ  (01) නියෝග කළේය.

දේශීය ආදායම් කොමසාරිස්ජෙනරාල්වරයා පැවරූ නඩුවක් සළකා බැලීමෙන් පසුව මෙසේ වරෙන්තු නිකුත් කරනු ලැබුවේ අර්ජුන් ජෝසප් ඇලෝසියස්, ඇන්තනී රන්දෙව් දිනෙන්ද්‍ර ජෝන් හා කුමාරසිරිද සිල්වා යන අධ්‍යක්ෂකවරුන් තිදෙනාටය.

2016 සහ 2019 අතර කාලය සඳහා රජයට අය විය යුතු රුපියල් 3555488597.00ක වැට් බදු මුදල් ගෙවන ලෙසට විත්තිකාර අධ්‍යක්ෂකවරුන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් 2020 වර්ෂයේ මහේස්ත්‍රාත් අධිකරයේ නඩු පවරා ඇත. අදාළ නඩුව විභාග කිරීමෙන් අනතුරුව පසුගිය(2023) වසරේදී තීන්දුව ප්‍රකාශයට පත්කර ඇති මහේස්ත්‍රාත්වරයා අදාළ බදු මුදල් ගෙවන ලෙසට නියෝගයක් නිකුත් කර ඇත.

එම නියෝගය ප්‍රකාරව කටයුතු නොකිරීම සහ ඊයේ දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කෙරිණි.

මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයට එරෙහිව විත්තිකරුවන් විසින් මහාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවට ඊයේ අධිකරණයේදී කරුණු ඉදිරිපත් කෙරිණි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයා වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා පෙනීසිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ චානක්‍යා ලියනගේ පෙනීසිටියාය.

නඩුවේ වැඩිදුර විභාගය මැයි මස 06 වැනි දිනට කල් තැබිණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka