gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අනුර කැනඩාවේදී පච කියලා - හරීන් වාර්තා පෙන්වයි

ජාතික ජනබලවේග නායක අනුර දිසානායක මහතා කැනඩාවේදී ශ්‍රී ලංකාවේ සංචාරය කරන විදේශිකයන් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකර ඇතැයි සංචාරක ඉඩම් හා ක්‍රීඩා ඇමැති හරින් ප‍්‍රනාන්දු මහතා පවසයි.

මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් ආපසු මෙරටට පැමිණෙන්නේ සියයට තුනක් බව අනුර දිසානායක මහතා එරටදී පැවසූද මෙරට සංචාරය කරන සුදු ජාතිකයන්ගෙන් සියයට තිස්තුනක් ආපසු මෙරට සංචාරවල නිරත වන බව ඔහු සඳහන් කලේය.

කරුණු හරිහැටි නොදන්නේනම් ඒ පිළිබඳව අසත්‍ය ප්‍රකාශ නොකර සිටිම වැදගත් බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙරට සංචාරය කරන ලද බ්‍රිතාන්‍ය ජර්මන් හා ප්‍රංශ ජාතිකයන් නැවත මෙරට සංචාර සඳහා කිහිප වතාවක්ම පැමිණෙන බව සමීක්ෂණ මගින් හෙළිව තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් සංචාරකයන් නැවත නැවත ගෙන්නවා ගැනීමට නම් අලුත් ගමනාන්ත හඳුන්වා දිය යුතුව ඇති බවද අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka