මහමග ගමන් කරන කතුන් ඇතුළු පුද්ගලයින්ට මන්නා පෙන්වමින් දණ ගස්වා කොල්ලකන කල්ලියක් හේතුවෙන් පානදුර,ගල්කිස්ස සහ නුගේගොඩ පොලිස් කොට්ඨාස තුළ භීතියක් නිර්මාණය වී තිබේ.
අදාළ කොල්ල කල්ලිය ගතවූ මාසයක කාලය ඇතුළත කොල්ලකෑම් 40ක් පමණ සිදුකර ඇති බවට වාර්තාවෙයි.
මෙම කල්ලිය පිළිබඳව මොරගහහේන, කැස්බෑව, පිළියන්දල, බොරලැස්ගමුව, කහතුඩුව, කඩුවෙල, තෙබුවන ආදී ප්‍රදේශවලින් පොලීසියට පැමිණිලි ලැබී තිබේ.
ඔවුන් එලෙස යතුරුපැදියක් පැහැරගන්නා අවස්ථාවක CCTV දර්ශනද අපවෙත ලැබී තිබේ.
මෙලෙස පැහැරගන්නා යතුරුපැදිවලින් තවත් ප්‍රදේශවලට ගොස් කොල්ලකෑම්වල නිරතවී යතුරුපැදි අතරමග අත්හැර දමා යන බවද පැවසෙයි.
එසේම එක් අවස්ථාවක කොල්ලකරුවන් රන් භාණ්ඩ කොල්ලකා පළායාමේදී ප්‍රදේශවාසීන් පිරිසක් ඔවුන් ලුහුබැඳ යන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද අපවෙත ලැබී ඇත.
මේ අතර බණ්ඩාරගම සහ මොරන්තුඩුව පොලිස් ස්ථාන මගින් සැකපිට කිහිපදෙනෙකුම අත්අඩංගුවට ගෙන තිබුණද කොල්ලකෑම් මේ වනවිටත් ක්‍රියාත්මක බව ප්‍රදේශවාසීන් පවසයි.
-දෙරණ