gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කාදිනල් හිමියි කතෝලික සභාවයි එකම පදේ හැමදාම ගහනවා! ඉස්සෙල්ලාම ඇවිත් පොලිසිය කරපු විමර්ශන බලන්න! අපි එකතු වෙලා මේ පරීක්ෂණ අවසන් කරන්න කටයුතු කරමු! පොලිස් ඇමැති ටිරාන්ගෙන් කාදිනල් හිමිට පණිවුඩයක්! VIDEO

යුක්තිය මෙහෙයුමට ජාත්‍යන්තරය බලපෑම් කළත් එය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අවධාරණය කරයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා, 

“යුනිෆෝම් ඇඳන් ඉන්නවා නම් කවුරුහරි ගැහුවොත් ගහන්න ඕන. නැත්නම් යුනිෆෝම් එකෙන් වැඩක් නැහැ. දැඩි තීරණ ගන්න වුණා. ඒ හයිය මම දුන්නේ ජනපති මට හයිය දුන් නිසයි. යුක්තිය අරඹා මේ රට සුද්ද කරන්න හිතුවා.යූටියුබ්කාරයෝ ඉන්නවා කුඩ්ඩොන්ගේ සල්ලිවලින් ජීවත්වන. ඔවුන්ව දාලා අපිට පහරදෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය යුක්තිය නවත්වන්න කිව්වා. අපේ රටේ අපි ක්‍රියාත්මක වන්නේ අපිට ඕන විදියට ජාත්‍යන්තරයට ඕන විදියට මම වැඩ කරන්නේ නැහැ.”

“පාතාලයේ නඩුවලට කතා කරන නීතිඥයෝ ඉන්නවා. පාතලයෙන් මිලියන ගණන් හොයනවා. කොහොමහරි දේශබන්දුව මෙතැනින් අයින් කරලා දීපන් කියනවා.  ටිරාන් අලස්ව නැති කරලා දෙන්න කියනවා. පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ තියන්න බැහැ. ඔවුන් මේ රටට බරක්.”

“පාස්කු ප්‍රහාරය ගැන කතා වෙනවා… ජනපති අවසර දුන්න පාස්කු රිපෝට් එක දෙන්න. කොටස් කිහිපයක් එළියට දෙන්න එපා කියලා තිබුණා. ඒ සියල්ල කතෝලික සභාවට දුන්නා. පොලීසිය ළඟ නැති තොරතුරු කාදිනල් හිමි සතුව ඇති. ප්‍රහාරයට සම්බන්ධ ලොක්කෙක් ඉන්නවා නම්. මොන ලොක්කා වුණත් මම ඔහුට එරෙහිව ක්‍රියා කරනවා.”

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka