gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සන්නස්ගල අත්අඩංගුවට ගත්යැයි පොලීසිය මහේස්ත්‍රාත් වරයාගේ දැඩි දෝෂාරෝපණ!

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා නැවත ලබාදීමේ පොරොන්දුවක් මත උපුල් ශාන්ත සන්නස්ගල විසින්, නුවන් ප්‍රදීප් නමැති කඳාන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියනයක මුදලක් ලබාගෙන ඇති බවත්, එම මුදල නැවත ගෙවීම පැහැර හරිමින් විශ්වාසය කඩ කර ඇති බවත් කඳාන පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වා තිබිණි.

ඒ අනුව, අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඳාන පොලිසියේ නිලධාරීහු අධිකරණයෙන් ඉල්ලා සිටි පසුබිමක සන්නස්ගල වෙනුවෙන් පෙනී සිටී නීතීඥවරුන් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ, තම සේවාදායකයා චිත්‍රපටයක් නිෂ්පාදකයෙකු බව දැනගෙන පැමිණිලිකරු එම මිලියනයක මුදල ප්‍රදානයක් වශයෙන් ලබා දී තිබූ බවත් පසුව සන්නස්ගල විසින් අදාල ව්‍යාපාරිකයාට සම්පූර්ණ මුදල ගෙවූ බව නීතිඥවරු අධිකරණය හමුවේ තහවුරු කළේ එම ගෙවීම් රිසිට්පතද ඉදිරිපත් කරමිනි.

මෙම ආපසු ගෙවීම පිළිබඳව පොලිසිය දැනුවත් කළ ද, ඔවුන් එය නොසලකා සන්නස්ගල අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කළ බවද එම නීතිඥවරු පැවසූහ.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් වරයා පොලිසියේ ක්‍රියාකලාපය දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් කළ බවත් සැකකරු ඇප මත මුදාහැරීමට නියම කළ බවත් වාර්තා වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka