gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් විමද්‍යගත අරමුදල්!

සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමේදී එය විනිවිද භාවයකින් සිදු කෙරුණ බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙවර විමද්‍යගත අරමුදල් ආණ්ඩුව ලබා නොදෙන බවට කෙරෙන ප්‍රකාශ පදනම් විරහිත බවයි.

ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂයේ කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මෙවර වෙන් වෙන් වශයෙන් විමද්‍යගත අරමුදල් වෙන් කර නොමැති බවත්, සියළු ප්‍රතිපාදන වෙන් කර ඇත්තේ මන්ත්‍රීවරුන්ට නොව දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවලට බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා (26) පාර්ලිමේන්තුවේදී මතුකළ කරුණකට පිළිතුරු ලබා දෙමින්ය.

මෙහිදී ඇතිවූ සංවාදය මෙසේය,

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා – (සජබ)

වර්තමාන පාර්ලිමේන්තුවෙන් විමධ්‍යගත අරමුදල් අපිට ලබා දෙන්න තීන්දු කරලා තිබුණා. අපිට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවට ආරාධනා කළා. අපි එහි ගියා. එහිදි අපගේ යෝජනා දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවට හා සම්බන්ධිකරණ කමිටුවට දෙන්න කිව්වා. අපි ඒ විදියට ඒ යෝජනා දුන්නා. යොමුකළ සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුවේ අනුමැතිය නොලැබුණ බවට මාස්පොත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන් ලිපියක් ඇවිල්ලා තියෙනවා. තෝරාගත් මන්ත්‍රීවරුන්ට පමණක් මේ ප්‍රතිපාදන ලබා දීම අසාධාරණයි. ඉතිහාසයේ එහෙම වෙලා නෑ.


ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා-

මේ විමධ්‍යගත මුදල් සම්බන්ධව මේ සභාවේ සාකච්ඡාවට ලක්වුණා. ජනාධිපතිතුමාගේ ප්‍රකාශයේදී කියා සිටියේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවට ප්‍රතිපාදන වෙන් කළ බවයි. දිස්ත්‍රික් කමිටුවට අපි චක්‍රලේඛනයක් යවා තිබෙනවා. මේ සම්බන්ධයෙන් පසුගිය කාලයේම සාකච්ඡා වූණා. මන්ත්‍රීවරු ඔවුන්ට ඕනි ඕනි විදියට ව්‍යාපෘති යෝජනා හදනවා. එයින් ජනතාවට ප්‍රතිලාභ නොලැබෙන නිසා ග්‍රාමීය කමිටු හරහා යෝජනා හදුනාගෙන ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුව හරහා ක්‍රියාත්මක කරන්න කියලා උපදෙස් ලබා දී තිබෙන්නේ. දිස්ත්‍රික්කයකට මුදල් ලැබුණම සැලසුම් අධ්‍යක්ෂකවරු විසින් ඒ ලබා දුන් ප්‍රතිපාදන නිර්නායකයන් හදාගෙන (ජනගහනය, භුමියේ විශාලත්වය) ප්‍රාදේශිය ලේකම් මට්ටමින් ප්‍රතිපාදන බෙදුවා. ඒ සම්බන්ධව ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව ග්‍රාමීය කමිටුව හරහා යෝජනා හදුනාගෙන ප්‍රමුඛතා ලේඛනයක් හදලා යෝජනා ටික ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුවට යොමු කිරීමයි සිදු වන්නේ. ඒ යෝජනා තමයි ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුවට ආ පසු අනුමත කළේ. දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන්ට කියලා ප්‍රතිපාදනයක් වෙන් කරලා නෑ. ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුව හරහා මේක ක්‍රියාත්මක වෙන්නේ. මේක නිවැරැදි කරන්න ඕනේ. ඒ වෙනකොටත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් ලැබිලා තියෙනවා. හෙන්චයින්ට දුන්නා කියලා විපක්ෂයේ මන්ත්‍රීවරු කියනවා. එහෙම එකක් වෙලා නෑ.


පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා –

එක්තරා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයකට මගේ යෝජනා ගියාම සංවර්ධන කමිටුවේ සභාපතිවරයා හෝ තුමිය එය විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට දෙන්නේ නෑ කියලා පැත්තකට දාලා.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා-

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ටවත්, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටවත් යෝජනා ප්‍රාදේශිය ලේකම්ට දෙන්න බෑ. සංවර්ධන යෝජනා දෙන්න ඕනේ ග්‍රාමීය කමිටු හරහා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා –


අපිට සංවර්ධන කමිටුවෙන් කිව්වේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවට එවන්න කියලා.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා-

මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ආපු යෝජනා ටික අපි ග්‍රාමීය කමිටුවට යොමු කළා. ගමේ සංවර්ධන නිලධාරින් එකතු වෙලා වාඩි වෙලා සාකච්ඡා කරන යෝජනා ටික තමයි එතැනට එන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා –

ග්‍රාමීය කමිටුවෙන් දෙන්නේ නෑ කියලා කිව්වම ඒක තමයි මේ වෙලා තියෙන්නේ. කුරුණෑගල තෝරාගත් මන්ත්‍රීවරු ටික දෙනෙක්ට දීලා අපිට දීලා නෑ.


ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා-

ගම්පහ චක්‍රලේඛනය තමයි හැම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක වෙන්නේ. ඉතාමත් විනිවිද භාවයෙන් නිවැරැදිව මෙය සිදු වෙනවා. ප්‍රාදේශීය ලේකම්ට වේවා, මට පෞද්ගලිකව එවන සංවර්ධන ව්‍යපෘති වේවා ආවම ඒවා මම ප්‍රාදේශීය ලේකම්ට යවනවා. ප්‍රාදේශිය ලේකම්වරු විසින් ග්‍රාමීය කමිටුවලට යොමු කරනවා. ග්‍රාමීය කමිටුවේ ඉන්නේ ග්‍රාම සේවක, සංවර්ධන නිලධාරින් ඇතුළු රාජ්‍ය නිලධාරින් ප්‍රමුඛ පොදු සංවිධාන වලින් සැදුම්ලත් කමිටුවක්.

මෙතුමන්ලා බොරු කියනවා නම් ඒක පිළිගන්නේ නෑ. මෙතුමන්ලට වෙලා තියෙන්නේ ගම්වල මිනිස්සු නෑ. ග්‍රාමීය කමිටුවට යවන්න මිනිස්සු නෑ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා –


අපිට මෙතෙක් කල් විමධ්‍යගත මුදල් වෙන් කිරීම සඳහා මීට පෙර අවුරුදුවල කළා වගේ ලිපිය ලැබුනේ නෑ මේ නිර්නායක අනුව යොමු කරන්න කියලා. එන සතියේ ඉදන් ඒ යෝජනා ටික දිසාපතිවරුන්ට යොමු කළොත් ඒවා සම්බන්ධයෙන් මුදල් වෙන් කිරීම වෙනවාද?

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා-

මේ වනවිට යෝජනා කරලා සම්බන්ධිකරණ කමිටුවලින් අනුමත කරගෙන යනවා. ගම් මට්ටමින් ව්‍යාපෘති ටික එව්වොත් අපිට කියන්න පුළුවන් ප්‍රාදේශිය ලේකම්වරුට ඒ ව්‍යාපෘති ග්‍රාමීය කමිටුවලට යොමු කරන්න කියලා. දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු හරහා ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවලට අමතරව මන්ත්‍රීවරු මුදල් අමාත්‍යාංශයට ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරලා විශේෂ ව්‍යාපෘතිවලට මුදල් අරගෙන තියෙනවා. මම ඒක ගැන නෙමෙයි කතා කරන්නේ මම කතා කරන්නේ දිස්ත්‍රික් අරමුදල් වෙන් කරපු ආකාරය ගැනයි. අඩුම ගානේ මටවත් ප්‍රතිපාදනයක් වෙන් වෙන්නේ නෑ. ඔබතුමන්ලට එන සංවර්ධන ව්‍යාපෘති ප්‍රාදේශීය ලේකම්ට යවපුවම ඒ අදාල ග්‍රාම නිලධාරී වසමට අදාල ව්‍යාපෘති ඒ ග්‍රාමීය කමිටුවට යොමු කළාම එතැනදී තමයි තීන්දු කරන්නේ ව්‍යාපෘතිවල ප්‍රමුඛතාවය. තමන්ට ඡන්දේ දෙන මිනිහා කොන්ත්‍රාත් කාරයට ඕනි විදියට ක්‍රියාත්මක වෙන නිසා විනිවිද භාවය කෙරෙන්න ඕනේ නිසා චක්‍රලේඛනය දැන් මම සභාගත කරන්නම්. එතකොට ඔබතුමන්ලාට තෙරෙනවා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය ගැන.


ප්‍රදීප් අනුර කුමාර
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka