gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සුරේෂ් සලේ සහ සිරිසේන ගැන ෆොන්සේකාගෙන් විශේෂ අනාවරණයක්!

මරාගෙන මැරෙන පාස්කු ඉරුදින ඛේදවාචකයේ මහ මොළකරු වූ සහරාන් හෂීම් නිර්මාණය කල පුද්ගලයා කවුරුන්ද යන්න හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඊයේ (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයේ තෙවන දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුව රැස්වූ අද (26) දවසේ ෆොන්සේකා මහතා තම අදහස් දක්වමින්, සහරාන් නිර්මාණය කරමින් ඔහුව වීරයෙක් බවට පත්කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) වත්මන් ප්‍රධානියා වන මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලෙයි බව ප්‍රකාශ කර සිටියේය. 

ෆොන්සේකා මහතා කියා සිටියේ මේ අපරාධයෙන් අත සෝදා ගැනීමට උත්සාහ කලද ඒ අපරාධකරුවා නිර්මාණයට වූ දායකත්වයෙන් ගැලවී අත සෝදා ගැනීමේ හැකියාව සලෙයි ට නොමැති බවය. 

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින්, 

“සලෙයි, බුද්ධි අංශ වලින් මම අයින් කරලා තිබුණා. මම ගියාට පස්සේ ඔහුව ප්‍රධානියා බවට පත්කරා ගෝඨාභය. ඊට පස්සේ සලෙයිගේ දකුණු අත වගේ හිටපු බොනිපස් පෙරේරා , එයා නැගෙනහිර ආඥාපති වුනා. එයාගේ ෆයිල් එක මගේ ගාව තියෙනවා. නැවතත් එයා මඩගහන්න කතා කරොත් මේ ෆයිල් එක සමාජ මාධ්‍ය ජාලයට දානවා.  එයා මොනවක්ගේ චරිතයක් ද, ඇයි මම ඉන්නකොට එයාට උසස්වීම් පවා නොදුන්නේ කියලා මේ වගේ මිනිස්සු සහරාන් ආශ්‍රය කරා, සහරාන් වීරයෙක් කරා.”

මන්ත්‍රීවරයා තවදුරටත් පෙන්වා දුන්නේ, ත්‍රස්තවාදියෙකු හඳුනාගෙන කොටුකර ගැනීමේ ක්‍රියාවලිය කොමිෂන් සහ කමිටු හරහා කළ නොහැකි බවත් එවැනි කටයුතු සම්බන්ධයෙන් අදාළ හැකියාව සහ පළපුරුද්ද ඇත්තේ බුද්ධි අංශ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බවත් ය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වගකිව යුතු සහ වගකීම පැහැර හැරිය පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆොන්සේකා වැඩිදුරටත් කියා සිටියේය. 


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka