gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මහින්ද, ලසන්ත සහ දුමින්ද නෙරපීමට එරෙහි වාරණය දීර්ඝ කෙරේ! කොළඹ දිසා අධිකරණයේ තීන්දුව මෙන්න

අමාත්‍ය මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත්කර තිබෙන වාරණ නියෝගය දීර්ඝ කරන ලෙස නියම කර තිබෙනවා.

ඒ අනුව ලබන 24 වැනිදා දක්වා එය දීර්ඝ කරන ලෙසයි කොළඹ දිසා අධිකරණය විසින් නියම කර ඇත්තේ.

ඒ, තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට එරෙහිව එම අමාත්‍යවරු විසින් ගොනුකළ පැමිණිලි අද (08) කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් මෙම නියෝග නිකුත් කළා.

අදාළ පැමිණිලිවල වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ වැඩබලන මහලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල ඇතුළු පිරිසක්.

සාධාරණ විනය පරීක්ෂණයකින් තොරව තමන්ව පක්ෂයෙන් නෙරපීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත්, එය බල ශූන්‍ය බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා එම අමාත්‍යවරු විසින් මෙම පැමිණිල්ල දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබුණා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka