gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රත්නපුරයෙන් විශාල ශබ්දයක්.. රනිල්-සජිත් එක් කරන්න 14ක් සාක්ච්චා.. තලතා මාධ්‍ය හමුවක (VIDEO)

එක්සත් ජාතික පක්ෂයෙන් සමගි ජන බලවේගය දෙකඩ නොවුනානම් හොඳ යයි තමන් අදටත් කල්පනා කරන බව සමගි ජනබල වේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කරයි.

තමන් එම මොහොතේ එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වූයේද දැඩි කලකිරීමකින් බවද ඇය සඳහන් කරන්නීය.

සමගි ජන බලවේගයේ කළමනාකාර මණ්ඩලය මාස ගණනාවකින් රැස්ව නැති බවද පවසන ඇය පක්ෂයට විවිධ පිරිස් සම්බන්ධ කර ගනිද්දී එම මණ්ඩල සමඟ සාකච්ඡා කිරීම වඩා සුදුසු බවද ඇය කියා සිටී.

එසේ සාමූහික සාකච්ඡාවක් තුළින් තීන්දු නොගැනීම නිසා යම් යම් ගැටලු ඇති වී තිබෙන බවද ඇය සඳහන් කරයි.

එම ක්‍රමවේදයේ ගැටළු හේතුවෙන් තමන් පක්ෂයෙන් මේ දිනවල යම් නිහඬතාවයක සිටින නමුත් එය පක්ෂයට හෝ පක්ෂ නායකයාට අභියෝග කිරීමක් නොවන බව ද ඇය කියා සිටී.

එක්සත් ජාතික පක්ෂය හා සමගි ජනබලවේග එක් විය යුතු යන මතයේ තමන් 2020 වසරේ සිට සිටිය බවත් ඒ සඳහා සාකච්ඡා වට ගණනාවක්ම පැවැත්වූ බවද සඳහන් කරන ඇය එය තමන්ගේ නිහඬතාවයට තවත් බලපාන එක කරුණක් ඇය පෙන්වා දෙයි.

මෙම පක්ෂ දෙක එකතු කළ යුතුය යන මතයේ පක්ෂයේ 12-14ක පිරිසක් සිටිනා බවද වසන ඇය පක්ෂය ඉදිරියේ ජයග්‍රහණය කරන වැඩපිළිවෙලක් මෙන්ම අර්බුදයක ඇති රට ගොඩගන්නා වැඩපිළිවෙලක්ද තිබිය යුතු බවද කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඇය මෙම අදහස් පල කර ඇත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka