මෛත්‍රිපාල සිරිසේනට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම අධිකරණය මගින් අත්හිටවූ පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළ දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර අද (04) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් නව ගමනක් යන්නට එක්වන ලෙස ජනතාවට ආරාධනා කළේය.
ඒ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමිනි. අද උදෑසන ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේනට සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කළ වහාම ඔවුහු පක්ෂ මූලස්ථානයේ දී මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබුණහ.
එහිදී මාධ්‍ය ඇමතු මහින්ද අමරවීර පැවසුවේ තමන්ව ව්‍යවස්ථාවට විරුද්ධව ඉවත් කිරිම අත්හිටුවා අධිකරණ නියෝගයක් ගත් බවත් දැන් තමන් එම තනතුරුවල වැඩ කරන බවත්ය.
අද දිනයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ජිවිතය පූජා කරමින් එම පක්ෂය ගොඩනැගු එස්.ඩබ්ලියු.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමාගෙ දියණිය, ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වන සිරිමාවෝ බන්ඩාරනායක මැතිණියගේ දියණිය අවුරුදු 17ක් විපක්ෂයේ ඉද්දි අපට ආණඩු බලය ලබා දුන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය මේ පක්ෂයට ඇති වූ විනාශය දිහා බලාගෙන ඉන්න බැරිව…. එතුමිය ඉතා කම්පාවෙන් පසුගිය කාලය පුරා ගත කළ බව අප දැනගත්තා…, එතුමිය අධිකරණ ක්‍රියාවලියකට යොමු වුනා. ඒ අනුව පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ට ඒ වාරණය අධිකරණයෙන් ලැබුනා. අධිකරණයෙන් නොලැබුණත් එතුමාට ඒ වාරණය ජනතාවගෙන් ලැබුණෙ මීට බොහෝ කාලයකට පෙරයි. “ ඔහු කීවේය. මෛත්‍රිපාල සිරිසේන විසින් සංවිධාකයින් පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් ඉවත් කළ බවත් රස්තියාදුකාරයින් ගෙනත් තනතුරුවල තැබූ බවත් අධිකරණයට ගොස් තිබුණේ බලාගෙන ඉන්නට බැරිම තැනදී බවත් අමරවීර කීවේය.
මහින්ද අමරවීර කළ කතාව පහත දැක්වේ.
