සමගි ජන බලවේගය සමඟ ගිවිසුමක් අත්සන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් ඇතුළු පිරිසට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විනය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් වේ.
පසුව ඔවුන් පක්ෂයෙන් ඉවත් වී විපක්ෂයේ අසුන්ගත්හ.
සතියකට පෙර ඔවුහු විපක්ෂයේ ප්‍රධාන දේශපනල පක්ෂය වන සමගි ජන බලවේගය සමඟ මැතිවරණ ගිවිසුමක් අත්සන් කළහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක කමිටු රැස්වීමේදී පසුගිය මැතිවරණයේදී තම අපේක්ෂකත්වයෙන් මන්ත්‍රීවරුන් ලෙස තේරී පත්වී සිටියදී වෙනත් පක්ෂයක් සමඟ ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට තීරණය කර ඇත.