සනත් නිශාන්තගේ බිරිදට ආණ්ඩුකාරකමක්?
රිය අනතුරකින් අභාවප්‍රප්ත වූ හිටපු රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතාගේ බිරිඳට වයඹ පළාතේ ආණ්ඩුකාර ධුරය යෝජනා වී ඇති බව වාර්තා වෙයි.
ඉදිරියේදී සිදු කිරීමට සාකච්ඡා වෙමින් ඇති පළාත් ආණ්ඩුකාර සංශෝධනයේදී මෙම යෝජනාව ඉදිරිපත්ව ඇති බවද වාර්තා වෙයි.
දකුණු පළාතේ ආණ්ඩුකාර ධුරය සඳහා ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා යෝජනා වී ඇති අතර ඔහු දැනට දරන වයඹ පලාත් ආණ්ඩුකාරය දුරය හිස්වුවහොත් ඒ සඳහා මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත.
දැනට දකුණු පළාතේ ආණ්ඩුකාරය ධුරය දරන විලීගමගේ මහතා මෙම සංශෝධනයන් සිදු වුවහොත් තනතුරෙන් විශ්‍රාම ගැන්වෙනු ඇති බවද වාර්තා වෙයි.
එසේම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් මහතා ද වෙනත් පළාතක ආණ්ඩුකාර ධුරය සඳහා යෝජනා ඇති බවද පැවසේ.
සනත් නිශාන්තගේ බිරිදට ආණ්ඩුකාරකමක්?
2024-04-19T10:44:00+05:30
Gossip Lanka Hot News






