දේශපාලන පවුලක් කෝටි 70ක ඉඩම් කොළඹින් ගනී... බල්ලන් 12ක් ACකාමරවල
දකුණේ ප්‍රබල දේශපාලන පවුලක් කොළඹ ප්‍රදේශයෙන් රුපියල් කෝටි හැත්තෑවකට අධික වටිනාකමින් යුත් ඉඩම් කිහිපයක් මිලට ගෙන ඇතැයි දූෂණ විරෝධී හඬ සංවිධානය සඳහන් කරයි.
කිසිදු විනිවිද භාවයකින් තොරව මෙම ගනුදෙනුව සිදුකර ඇති බවත් මේ පිළිබඳව මුල්‍ය විශුද්ධ කරන පනතට අදාළව පරීක්ෂණ පවත්න ලෙසත් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරන බව එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසීය.
මෙසේ මිලට ගෙන ඇති එක ඉඩමක නිවසේ ආරක්ෂක අංශ යොදා ඇති බවත් සීත කාමර තුළ සුනඛයන් දොළොස් දෙනෙකු සැප පහසුවට තබාගෙන සිටින බවත් පිහිනුම් තටාක ඇතුළු සුඛෝපභෝගී මෙහි ඉදිව ඇති බවත් හෙතෙම කියා සිටියේය.
මීට අදාළ සාක්ෂි තමන් සතුව පවතින බව ද හෙතෙම සඳහන් කළේය.
දේශපාලන පවුලක් කෝටි 70ක ඉඩම් කොළඹින් ගනී... බල්ලන් 12ක් ACකාමරවල
2024-04-19T10:47:00+05:30
Gossip Lanka Hot News






