gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

SJB-NPP විවාදය කරන හැටි ගැන නීතීඥ සහාය කැදවයි!

සමග ජන බලවේගයේ හා ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට යෝජිත විවාදයන් සම්බන්ධයෙන් මැදිහත්කරුවකු ලෙස කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කර තිබේ.

අදාළ විවාදය සඳහා පත්කර ඇති සම්බන්ධීකාරක පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් ලිඛිතව මෙම ඉල්ලීම කර ඇත.

අදාළ සම්පූර්ණ ලිපිය මෙසේය.

චතුර ඒ. ගල්හේන මහතා,
ලේකම්,
ශ්‍රී ලංකා නීතීඥ සංගමය,
නො 153,
මිහිඳු මාවත,
කොළඹ 12.

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීම.

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර වු විවාදයක් පිළිබදව වූ යෝජනාව සම්බන්ධයෙන් ඔබ සංගමය දැනුවත්ව ඇතැයි අප විශ්වාස කරමු.

මෙම විවාදය පිළිබඳව මුල්ම යෝජනාව අප විසින් ඉදිරිපත් කලේ සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව අතර පැවැත්වෙන විවාදයක් ලෙසයි. එම ඇරයුම පිළිබඳව ජාතික ජන බලවේගයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබුනත් ඔවුන් විසින් පක්ෂ දෙකේ නායකයන් අතර විවාදයක් පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. එම යෝජනාව ඉදිරිපත් කල විගසම ඒ සඳහා අපගේ එකඟත්වය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කල අතර, අපගේ මූලික ඉල්ලීම වූ ආර්ථික කමිටු අතර විවාදය පළමුවත් දෙවනුව නායක මට්ටමේ විවාදය පැවැත්වීමටත් අප විසින් යෝජනා කරන ලදී.

එම යෝජනාවට පිළිබඳව ප්‍රතිචාර නොදක්වාම ජාතික ජන බලවේගය මෙය ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතර විවාදයක් විය යුතු බව සඳහන් කරමින් විවාදයට රනිල් වික්‍රමසිංහ මහතා ද සම්බන්ධ කර ගත යුතු බව ප්‍රකාශ කරන ලදී.

කෙසේ වුව ද, පසුව ජාතික ජන බලවේගය විසින් මෙම විවාද සම්බන් ධීකරණය සඳහා නම් කල වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා නායකත්ව මට්ටමේ විවාදයට මැයි මස දින 04 ක් අප වෙත යොමු කරන ලදී. එම ලිපියට පිළිතුරු වශයෙන් දින පිළිබඳවත්, විවාදය පවත්වන ආකාරය පිළිබඳවත් සාකච්ඡා කර ගැනීමට ම විසින් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට සාකච්ඡාවක් සඳහා අප්‍රේල් මස 25 සහ 26 යන දිනයන් වලදී පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ලිඛිත ආරාධනයක් සිදු කරන ලදී. ඒ සඳහා ජාතික ජන බලවේගය පාර්ශවයෙන් කිසිදු ප්‍රතිචාරයක් මේ දක්වා ලැබී නොමැත.


එබැවින්, මෙම විවාද 02 පිළිබඳ සම්බන්ධීකරණය සඳහා ස්වාධීන මැදිහත් පාර්ශවයක සහය ලබා ගැනීමට අප විසින් තීරණය කොට ඇත. මෙවැනි විවාද සංවිධාන කිරීම සහ සම්බන්ධීකරණය පිළිබඳ ජාත්‍යන්තරව ඇති පූර්වාදර්ශ ද සැලකිල්ලට ගනිමින් මෙම සම්බන්ධීකරණය සහ අනෙකුත් විධිවිධාන සැලසීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මැදිහවත්වීම අපි ගෞරවයෙන් අපේක්ෂා කරමු.

ස්තූතියි,
මෙයට – විශ්වාසී,
නලීන් බණ්ඩාර (පා.ම)
මෙහෙයුම් ප්‍රධානී,
විවාදය සඳහා පත්කල සම්බන්ධීකාරක
සමගි ජන බලවේගය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka