සූරිය මංගල්‍ය ගීතය විකෘති කර සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරීම සම්බන්ධයෙන් වාරියපොළ දී සුරාබදු නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන ඇත.
2014 වසරේ ස්වාධීන රූපවාහිනී සේවයේ ‘සූර්ය මංගල්‍යය’ වැඩසටහන වෙනුවෙන් නිරමාණය කරන ලද එම ගීතයට, ගීත් තරංග නමැත්තෙකු පද රචනයෙන් ද, සහන් රන්වල ගී තනු නිර්මාණයෙන් ද, රෝහණ බැද්දගේ සහ රන්වල බළකාය ගායනයෙන් ද දායක වී තිබේ.
තුන් හෙළේ හැඩ අලුත් කරන්
එන්නෙ අවුරුදු කුමරු බොලන්
සූරිය මංගල්ලේ…
සූරිය මංගල්ලේ… ලෙස ආරම්භවන ප්‍රශ්නයට තුඩු දුන් මුල් ගීතය පහත දැක්වේ.
මෙම සම්ප්‍රදායික අවුරුදු ගීතය විකෘති කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
ඒ අනුව තලාතුඔය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි සුරාබදු නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමට පරිඝනක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් ඒකකය විසින් කටයුතු කළේය.
සැකකරු වාරියපොල පොලිස් ස්ථානය වෙත භාරදී ඇති අතර අද දින කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
