වැලිකඩ අවුරුදු කෑ දමිතා උසාවියට ගෙන එයි!
මුදල් වංචා චෝදනා මත අත්අඩංගුවට ගෙන අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රංගන ශිල්පිනි දමිතා අබේරත්න හා අගේ සැමියා නැවතත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද පෙරවරුවේ රැගෙන විත් ඇත.
ඇය සිංහල අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර සම්පූර්ණ කාලයම වැලිකඩ බන්ධනාගාරයේ ගත කර තිබේ.
පසුගිය 05 වැනිදා රංගන ශිල්පිනි දමිතා අභයරත්න සහ ඇගේ සැමියා අධිකරණය විසින් අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබින.
ඔවුන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ පුද්ගලයෙකු විදේශගත කරන බව පවසා රුපියල් ලක්ෂ තිහක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණවලට අදාලවටයි.
වැලිකඩ අවුරුදු කෑ දමිතා උසාවියට ගෙන එයි!
2024-04-17T11:27:00+05:30
Gossip Lanka Hot News





