ඇමැතිකමත් නැතිව මාස 3ක් රිමාන්ඩ් කරලා තියෙද්දිත් කෙහෙළියට තවම ඇමැති සැප! නිල වාහන දෙක බාර දීලත් නෑ! නිල නිවාසය බාර දීලත් නෑ! ගෙදර අය කෙහෙළියව බලන්න හිරගෙදරට එන්නෙත් ආණ්ඩුව දීපු නිල වාහනවලලු! පුදුම රටක් තමයි මේක!
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවුලේ සාමාජිකයන් භාවිතා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් චෝදනා කළේය.
එසේම විජේරාම මාවතේ ඔහුට ලබා දී තිබූ නිල නිවසද තවමත් භාරදී නැත්තේ ඇයි දැයි එම නිලධාරියා ප්‍රශ්න කළේය.
රාජ්‍ය නිලධාරියෙකු රක්ෂිත බන්ධනාගාර ගත වුවහොත් ඔහුට ලැබී තිබූ වරප්‍රසාද සියල්ල වහාම අහෝසි වන නමුත් කෙහෙලිය රඹුක්වැල්ලට විශේෂ සැලකිල්ලක් දක්වන්නේ ඇයිදැයි එම නිලධාරියා ප්‍රශ්න කළේය.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ල බැලීමට ඔහුගේ පවුලේ සාමාජිකයන් වැලිකඩ බන්ධනාගාරයට පැමිණෙන්නේද එම නිල වාහනවලින් බව එම නිලධාරියා චෝදනා කළේය.
-ලංකාදීප
ඇමැතිකමත් නැතිව මාස 3ක් රිමාන්ඩ් කරලා තියෙද්දිත් කෙහෙළියට තවම ඇමැති සැප! නිල වාහන දෙක බාර දීලත් නෑ! නිල නිවාසය බාර දීලත් නෑ! ගෙදර අය කෙහෙළියව බලන්න හිරගෙදරට එන්නෙත් ආණ්ඩුව දීපු නිල වාහනවලලු! පුදුම රටක් තමයි මේක!
2024-04-17T09:18:00+05:30
Gossip Lanka Hot News