gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“QR කේතය සහිත අලුත් ජාතික හැඳුනුම්පතක්” – මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්

පවතින ජාතික හැඳුනුම්පතට වඩා හොඳ හැඳුනුම්පතක් ඉදිරියේදී ලබා දීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් කියයි. ඒ සඳහා ටෙන්ඩර් විවෘත කර ඇති බවත් දැනට ඇති ජාතික හැඳුනුම්පතේ ඇති බාර් කෝඩ් එක ඉවත්කොට ඒ වෙනුවට කිව්.ආර්. කෝඩ් සමඟ නව හැඳුනුම්පත ළඟදී ම ලබාදෙන බවත් අමාත්‍යවරයා පැවසුවේ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් නව කාර්යාලය නුවරඑළියේදී විවෘත කරමිනි.

ජාතික හැඳුනුම්පත් ලබාගත හැකි ස්ථාන 340ක් ඇති බව කී අමාත්‍යවරයා රජයට මුදල් ප්‍රශ්න ඇතත් රට පුරා වැඩි වැඩියෙන් කාර්යාල විවෘත කර ජනතාවට සේවය ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා…

“ජාතික හැඳුනුම්පත ගැන කතා කරනකොට දැන් තියෙන ජාතික හැඳුනුම්පතටත් වඩා හොඳ හැඳුනුම්පතක් අපි ඉදිරියේදී ලබාදීමට කටයුතු කරනවා. ඒකෙ ටෙන්ඩර් එකත් විවෘත කරලා ඉවරයි. දැනට තියෙන හැඳුනුම්පතේ බාර්-කෝඩ් එකක් තියෙනවා, අපි ඒ බාර්-කෝඩ් එක අයින් කරල ඒ වෙනුවට කිව්.ආර්.කෝඩ් සමග නව හැඳුම්පතක් ළඟදී ම ලබා දෙනවා.

ජාතික හැඳුනුම්පත් ලබාගත හැකි ස්ථාන 340 ක් තියෙනවා. මේකත් එක්ක පළාත් කාර්යාල 5 යි, ඒ ඇරෙන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාල 335ක.

ඉතින් මේ ආකාරයට අපිට හැකි පමණින් රජයට තියෙන මුදල් ප්‍රශ්න මැද වුණත් වැඩි වැඩියෙන් රට පුරා කාර්යාල විවෘත කරල ජනතාවට සේවය ලබාදෙන්න කටයුතු කරනවා.

මෙම ගොඩනැගිල්ල විවෘත කරන්න කලින් දවසක් අපි මෙතැනට පැමිණියා ම මට හිතුණා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවත් මෙම ගොඩනැගිල්ලට ම ගේන්න ඕන කියලා.

ඒකට හේතුව නුවරඑළියේ ජනතාවට පාස්පෝට් එකක් ලබා ගැනීමේ හැකියාව ලබා දීමට අපිට අවශ්‍ය වුණා. අපි මෑතකදී පාස්පෝට් ඔන්ලයින් ක්‍රමය ආරම්භ කළා. ඊට පස්සේ තැන් පනස් එකක පාස්පෝට්වලට අවශ්‍ය ඇඟිලි සලකුණු ලබාගැනීමේ ස්ථාන විවෘත කළා.

ජනාධිපතිතුමා මගෙන් ඉල්ලා සිටියේ, ජාතික හැඳුනුම්පත, පාස්පෝට් එක බොහොම ලේසියෙන් මිනිස්සු රස්තියාදු නොවී ලබාගැනීමට කටයුතු කරන ලෙසයි.

අපි ළඟදි ඔන්ලයින් වීසා ක්‍රමය සංශෝධනය කරල වී.එෆ්.එස්. සේවාව හරහා ලබාගැනීමට කටයුතු කළා. රටවල් 67ක පමණ, මධ්‍යස්ථාන 146ක් හරහා ඇප්ලයි කරල වීසා ලබාගන්න පුළුවන්. මීට කලින් විදේශිකයන් එනකොට ඔන්ලයින් වීසා ක්‍රමයේ යම් යම් ප්‍රශ්න තිබුණා. සමහර විට අපේ තානාපති කාර්යාලවලට යන්න වුණා, සමහර වෙලාවට ලංකාවට ඇවිල්ල ගොඩබහිනකොටත් වීසා එක ලෑස්ති නෑ. ඒ සියලු ප්‍රශ්න නැති කරන්න අපි මේ ක්‍රමය පටන් ගත්තා. නමුත් ඒ ක්‍රමයට විරුද්ධවත් සමහරු ප්‍රකාශ නිකුත් කරනවා.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka