කිසි දවසක ආපහු අරගලයකට යන්න එපා (වීඩියෝ)
යළි අරගලයකට යොමුනොවී රට ගොඩනැගීමට සියලුදෙනා එක්වන්නයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටී. අද කොළඹදී 'ITC Ratnadipa' අතිසුඛෝපභෝගී හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
"අවුරුදු දෙකකට කලින් මෙතෙන තිබුණේ විශාල උද්ඝෝෂණයක්. මෙතෙන තිබුණේ අරගලයක්. වටේ වට කරලා තිබුණා. අද ඒ වෙනුවට තියෙන්නේ, විශාල හෝලයක්. ITC සමාගමේ, හෝටලය මෙතැන තියෙන Ratnadipa. අවුරුදු දෙකකින් ස්ථාවරභාවය ඇති කළා. අවුරුදු දෙකකින් ආර්ථිකයට පණ දුන්නා. අපි එතැනින් ඉදිරියට යන්නේ. මෙතැන තියෙන අවුල පහුකරලා, අපි ඒ වෙනුවට අලුත් ආර්ථිකයක් හදන්න ක්‍රියාකරගෙන යනවා. කිසි දවසක ආපහු අරගලයට යන්න එපා. තමන්ගේ ආර්ථිකය ආපහු කඩා වැටිලා වැඩක් නෑ. අස්ථාවරභාවයක් ඇති කරලා වැඩක් නෑ. අපි මෙතැන ඉඳන් ඉදිරියට යමු මීට වඩා හොඳ රතන දීපයක් ඇති කරන්න."
කිසි දවසක ආපහු අරගලයකට යන්න එපා (වීඩියෝ)
2024-04-25T21:27:00+05:30
Gossip Lanka Hot News






