gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“ඔයා කතා කරන්නේ රෙද්දක් ඇඳන් ද?”… රනිල්ට වැඩ කරමු කී ප්‍රසන්න රණවීරගෙන් පොඩි පොහොට්ටුවන් ඇසූ කතාව

රනිල් වික්‍රමසිංහ හැර පොහොට්ටුවට වෙනත් විකල්පයක් නැති බව කියමින් දැඩි ස්ථාවරයක සිටින ප්‍රසන්න රණතුංග අනුව ගොස් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කිරීමට එක්වන ලෙස යෝජනා කරන්නට ගිය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණවීරට මැයිදින සංවිධාන කටයුතු වෙනුවෙන්    රැස්වූ ගම්පහ ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇතිබව පොහොට්ටුවේ ආරංචි මාර්ග කියයි.

බියගම රොනාය රෙසිඩන්සිහි ඊයේ (07) පැවති මෙම සාකච්ඡාවට පොහොට්ටුවේ ප්‍රබලයින්වන රෝහිත අබේගුණවර්ධන, සාගර කාරියවසම්, ආනන්ද ගණේපොල ඇතුළු කණ්ඩායමක් එක්වුව ප්‍රසන්න රණතුංග සහභාගී වී නැත.

මේ අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලකයින් 300ක් පමණ එක් වී සිටි බවත් සිය කතාව අතරතුර රනිල් හැර වෙනත් විකල්පයක් නැතැයි ප්‍රසන්න රණවීර පැවසීමෙන් අනතුරුව සබාවෙන් ඔහු දැඩි විරෝධයක් එල්ල වූ බවත් වාර්තා වේ.

රනිල් ට වැඩ කරන ලෙස අපට කියන්නේ ඔබ රෙද්දක් ඇඳගෙනදැයි ප්‍රශ්න කර ඇති පාක්ෂිකයින් ප්‍රසන්න රණවීරට පවසා ඇත්තේ “ඔබේ මතය දරන අනෙක් අයගෙනුත් අප ඇසුවා කියා එය විමසා දැනගන්නා “ ලෙසය.

“ පොහොට්ටුවෙන් පඹයෙක් දාන්න. අපි වැඩ කරන්නම්. ඒත් රනිල්ට වැඩ කරන්න කියලා කියන්න මෙහෙම රැස්වීම් තියන්න එපා…”  ඔවුන් දන්වා තිබිණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka