ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ගොඩනංවන බවත් ඒ සඳහා තමන් උදව් කිරීමට බලාපොරොත්තු වන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා.
අද (08) පදනම් ආයතනයේ පැවති නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව පැවසුවා.
එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිනිය,
"මට ඔක්කොමලා 2015 ජනාධිපතිවරණෙට ඉල්ලන්න කියද්දි මම බෑ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මහලේකම්ව ගෙනාවා. ලොකු බලාපොරොත්තු ඇතුව. එයා රටත් කාලා පක්ෂෙත් කෑවා. ඉතිං ඒ වෙච්ච වැරැද්ද අද නිවැරදි කෙරුවා."
