ප්‍රසන්නගේ අත්පොලසන් මැද ආශු අලියාට ඇස තබයි!
මිනුවන්ගොඩ ඇලිස්පාක් පිටියේ පැවැති මිනුපුර බක්මහ උළෙලේදී අලියාට ඇස තැබීමේ තරග ඉසව්වට ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ආශු මාරසිංහ මහතා ද එක් විය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු රැස්ව සිටි පිරිසගේ ඔල්වරසන් මැද ආශු මාරසිංහ මහතා අලියාට ඇස තැබීමට උත්සාහ කළ අතර නියමිත ස්ථානයට ඉතාම ආසන්නයෙන් ඇස ලකුණු කිරීමට ඔහුට හැකි විය.
මෙම බක්මහ උළෙල සංවිධානය කර තිබුණේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව, මිනුවන්ගොඩ නගර සභාව, පොලිසිය හා සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධවයි.
ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම අලුත් අවුරුදු උත්සවය සංවිධානය කර තිබිණි.අලියාට ඇස තැබීමෙන් අනතුරුව තමා අසලට පැමිණි ආශු ට ඇමති ප්‍රසන්න “nice try” කියා සුභ පැතුවේය.
ප්‍රදීප් අනුර කුමාර
ප්‍රසන්නගේ අත්පොලසන් මැද ආශු අලියාට ඇස තබයි!
2024-04-28T11:29:00+05:30
Gossip Lanka Hot News






