වාහන ආනයන සීමා සම්පූර්ණයෙන්ම ඉවතට.. කමිටු නිර්දේශ ලැබෙයි..
දැනට වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය සූදානම් වෙයි.
ඒ අනුව 2025 වසර මුලදී මෙම වාහන සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා සූදානම් වන්නේ ඒ පිළිබඳව නිර්දේශ ලබාදීමට පත් කර ඇති කමිටුවේ උපදෙස් මතයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද නිර්දේශ සඳහන් කර තිබුණේ වාහන ආනයන සීමාවන් ක‍්‍රමානුකූලව ඉවත් කළ යුතු බවත් ඒ හරහා රජයේ බදු ආදායම් ඉලක්ක සැලකිය යුතු මට්ටමෙන් ඉහළ යනු ඇති බවත්ය.
කෙසේ වෙතත් මේ සදහා මුදල් ඇමති ලෙස ජනාධිපතිවරයාගේ අවසන් අනුමැතිය ලැබිය යුතුව ඇත.
වාහන ආනයන සීමා සම්පූර්ණයෙන්ම ඉවතට.. කමිටු නිර්දේශ ලැබෙයි..
2024-04-29T00:32:00+05:30
Gossip Lanka Hot News






