‘88-89 මැරුවේ ස්ත්‍රී දූෂකයන්, හොරු, කසිප්පුකාරයෝ..’ ප‍්‍රකාශයට CIDයට පැමිණිලි
ජාතික ජන බලවේගය ජාතික විධායක සභික හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කිරීමට සූදානම් වෙයි.
88-89 භීෂණ කාලයේ ඝාතනය කරන ලද්දේ ස්ත්‍රී දූෂකයන්, හොරුන්, කසිප්පු කරුවන් යැයි ඔහු විසින් හිරු නාලිකාවේදී කරන ලද ප්‍රකාශය පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් සිදු කර නීතිමය පියවර ගන්නැයි කරන්නයි ඉල්ලමින් මෙම පැමිණිල්ල සිදු කිරීමට නියමිතය.
අදාළ පැමිණිල්ල සිදුකිරීමට සූදානම් වන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රයේ ඩබ්.ඩී. වීරසිංහ මන්ත්‍රීවරයා විසිනි.
හිරු නාලිකාවේ පැවැති විවාදයකදී අදාළ ප්‍රකාශයෙන් පසු ඔවුන් අතර ඉතා උණුසුම් තත්ත්වයක් ඇති විය.
‘88-89 මැරුවේ ස්ත්‍රී දූෂකයන්, හොරු, කසිප්පුකාරයෝ..’ ප‍්‍රකාශයට CIDයට පැමිණිලි
2024-04-28T10:10:00+05:30
Gossip Lanka Hot News






