මත්ද්‍රව්‍ය සමඟ ප්‍රධාන අරගල ක්‍රියාකාරිකයෙක් අත්අඩංගුවට, හිටපු අමාත්‍ය වරයෙකුගෙන් සොරා ගත් චෙක් පොත් තොගයක්ද හසුවේ!
මත් පෙති තොගයක් සමඟ අත්අඩංගුවට ගත් ප්‍රබල පෙළේ අරගල ක්‍රියාකාරී සංගීත ශිල්පියෙකුට අයත් මඩපාත පොල්හේන නිවස තුළ තිබී හිටපු අමාත්‍ය, ගාමිණි ලොකුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයාගේ ඥාති නිවස ගිනි තබා විනාශ කළ අවස්ථාවේදී සොරාගත් බැංකු පොත් සහ චෙක් පොත් තොගයක් සොයා ගත් බව කැස්බෑව පොලිසිය සඳහන් කරයි.
හිටපු අමාත්‍යවරයාගේ ඥාති නිවසින් සොරාගන්නා ලද චෙක් පොත් 3 ක් , රාජ්‍ය සහ පුද්ගලික බැංකුවවලට අයත් ඉතිරි කිරීමේ ගිණුම් පොත් 4 ක් , ඥාති දියණියට අයත් හැඳුනුම්පතක් සැකකරු ගංජා පැකට් කිරීම සඳහා යොදාගත් ඉටිකොල රෝලක් මෙසේ සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත.
යුක්තියේ මෙහෙයුමට සමගාමීව කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති වරයාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මඩපාත ප්‍රදේශයේ සංචාරය කරමින් සිටියදී පොල්හේන ප්‍රදේශයේ මාර්ගයක සැක කටයුතු අන්දමින් රැඳී සිටි සැකකරු පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබූ මෙම මත්කරල් තොගය හමුවූ බව පොලිසිය කියයි.
කැස්බෑව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
මත්ද්‍රව්‍ය සමඟ ප්‍රධාන අරගල ක්‍රියාකාරිකයෙක් අත්අඩංගුවට, හිටපු අමාත්‍ය වරයෙකුගෙන් සොරා ගත් චෙක් පොත් තොගයක්ද හසුවේ!
2024-04-22T08:49:00+05:30
Gossip Lanka Hot News






